සෑම මසකම 01 වෙනිදා සවස කටුනායක නිදහස් වෙළද කලාපයේ පොලිසිය අසලට පැමිණෙන සමාජ ක්රියාකාරින් පිරිසක් පැයක පමණ කාලයක් එහි රැදි සිටිති.වැහි පිට වැසි ඇද හැලුනද මේ ගමන කිසිදිනක නැවතුනේ නැත.
මෙසේ සෑම මසකම සමරන්නේ රජය විසින් නිදහස් වෙළද කලාප සේවයකයන්ගේ අර්ථ සාධක අරමුදල් සොරා ගන්නට ගනු ලැබු උත්සාහය තීරාණාත්මක ලෙසින් පරාජය කරන්නට යෙදුන කම්කරුවන්ගේ අරගලයේදි ඝාතනයට ලක්වු රොෂෙන් චානක සමරමිනි.2013 නොවැ 01 වෙනිදා පැවැති සැමරුම තවත් සුවිශේෂි වි තිබුනේ එදින රතුපස්වලදි මෙන්ම හලාවතදි ඝාතනයට ලක්වුවන් සැමරිමද එදිනම සිදුවිමය.
මෙම සැමරුම් දින උත්සවය අතුරුදහන්වුවන්ගේ එකතුව ප්රමුඛ සංවිධාන සහ වෘත්තිය සමිති එක්ව සංවිධානය කර තිබුණි.