කටුපිටිය සුරුවම් කූඩුවට ගල් ගැසු අය තවමත් නිදැල්ලේ ?

0
246

IMG-20190806-WA0010-1024x768IMG-20190806-WA0018-1024x768කටුවාපිටිය ප්‍රදේශයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් කටුවාපිටිය ශු.සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රතිමා ආවරණයට ගල් ගැසු කිසිවෙකුත් තවම අත්අඩංගුවට ගෙන නැත.
පසුගිය අගොස්තු 06 වෙනිදා අලුයම මේ ප්‍රහාරය සිදුව තිබුණි.
මේ සම්බන්ධයෙන් කටාන පොලිසියෙන් අප අද කළ විමසුමකට පිලිතුරු දෙමින් කියා සිටියේ අදාල පරික්ෂණ කටයුතු තවමත් සිදුකරගෙන යන බවය.
.මේ අතර පසුගිය කාලය තුල කිසියම් පුද්ගලයන් තිදෙනෙකුගේ  නම් පිලිබදව පුලුල රාවයක් පැතිර යමින් තිබුණි.මේ සම්බන්ධයෙන් අප විශේෂයෙන් විමසා සිටියද පොලිසිය කියා සිටියේ සැලකිය යුතු පිරිසකගෙන් ප්‍රශ්ණ කිරිම් සිදුකලද තවමත් කිසිවෙකු අත්අඩංගුවට පත්ව නැතැයි කියාය.
මසක්ද ඉක්මවා ගොස් ඇති පසුබිමක මේ ප්‍රහාරය සිදුකර ඇති අයව අත්අඩංගුවට ගැනිමට පොලිසිය අසමත් යැයි කිමෙන් ඇගවෙන්නේ කුමක්ද ?
ඇත්තම මෙය කොහෙවත් යන පිස්සෙකු වැඩක්ද?.නැතිනම් බංකලොත් දේශපාලකයන් කතෝලියකයන්ගේ ඡන්ද කොල්ල කෑම සදහා මුස්ලම් විරෝධයක් ගොඩනැගිමට කළ සැලැසුමක්ද?