අප්‍රේල් 21ක පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූ කටුවපිටිය ප්‍රදේශයේ තවත් පවුලක් වෙනුවෙන් අංග සම්පූර්ණ නිවාසයක් තනාදීමට නළුනිළියෝ මැදිහත්වෙති. කටුවපිටිය නුගවෙල පාරේ ජයමාවතෙහි පිහිටි ඉඩම් කොටසක මෙම නිවස තනාදී ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රානි ප්‍රනාන්දු සහ ඇගේ දියණිය වන දිනිති නෙත්සරණි වෙත මෙම පරිත්‍යාගය සිදුකරන ලදී. රු. ලක්ෂ 45 ක වියදමින් ගොඩනගන ලද මෙම නිවස ගෘහභාණ්ඩ වලින් පරිපූර්ණ අංග සම්පූර්ණ එකකි. මෙය දේශීය සිනමා සහ ටෙලි සිනමාකරුවන් නියෝජනය වන සිනෙස්ටා පදනමේ පුර්ණ දායකත්වයෙන් සහ අනුග්‍රහයෙන් සිදුකරන ලදී.