ඊයේ (20) වනදා කටුවපිටිය දේවස්ථානයේ දී සිදුවූ බෝම්බ පිපිරීමෙන් මියගිය පුද්ගලයින්ගේ අවසාන කටයුතු හෙට (23) වනදා කටුවපිටිය ග්රාමයේදී පැවැත්වීමට කටයුතු යොදා තිඛේ. මෙම භූමදාන කටයුතු කටුවපිටිය දේවස්ථානයේ හෙට උදේ පෙරවරු 10.00 ට පැවැත්වෙන දේව මෙහෙයෙන් පසුව සිදුකිරීමට කටයුතු යොදා තිඛේ. මෙම දේහයන් කටුවපිටිය සෙල්ලකන්ද සහ ඩේවිඩ් වත්ත යන ප්රදේශ වලදී භූමදාන කිරීමට සැලසුම් කර ඇති බව කටුවපිටිය දේවස්ථානයේදී පැවති සාකච්ඡාවකදී සදහන් කරන ලදී.