කටුවපිටිය දේවස්ථානයේ අළුත්වැඩියා කටයුතුවලට නිවාස ඇමතිගෙන් රු.ලක්ෂ 150 ක් !

0
77

sajithvistkatu2019
(4.20 PM ) ඉකුත් 21 වන පාස්කු ඉරුදින මිගමුව කටුවපිටිය දේවස්ථානයට එල්ල වු ප්‍රහාරයේ හානිය සම්බන්දයෙන් කරුණු සොයා බැලීම හා නිරික්ෂණ චාරිකාවක් සදහා මිගමුව කටුවපිටිය ශා/සෙබස්තියන් දේවස්ථානයට  අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද .(06 )පැමිණි තිබුණි.
එහිදී දේවස්ථානයේ සිදුවෙමින් ඇති  අළුත් වැඩියා කටයුතු  සොයා බැලීෙමි නිරික්ෂණ චාරිකාවකද ඔහු නිරතවිය
මෙම දේවස්ථානයේ සියළුම නව අළුත් වැඩියා කටයුතු යුද හමුදා 6 වන ඉංජනේරු සේවා බලකාය විසින් සිදු කරන අතර මෙහි ඇස්තමේන්තු  මුදල රුපියල් ලක්ෂ 150 වන අතර එම මුදලින් රුපියල් ලක්ෂ 30ක් අද දින යුද හමුදාවට භාර දීමක්ද එහිදී සිදුවිය
මෙම ඉදිකිරම් සදහා යන සියළුම මුදල් නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පිරිනැමිමට නියමිතය.
මෙම අවස්ථාවට ගම්පහ දිසාපති ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු රාජ්‍යනිලධාරින් හා දේශපාලන අධිකාරියේ  කිපදෙනකු පැමිණ සිටියහ
පියපේම මාණික්කරත්න