(11.05 am ) 21 වන ඉරිදා කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී වයස අවුරුදු 14ක දැරියක් මියගිය පුවත විසින් මුස්ලිම් ජනතාවගේ ඇස්වලටද කඳුළු එක් කළ ආකාරය අපි දැක්කෙමු.
රූපිකා වන ඇගේ මව කිතුණු බැතිමතියකි.
අරුස් වන පියා මුස්ලිම් බැතිමතෙකි.
පාසැල් දැරියක්වූ ඇය තම මිත්තණිය සමඟ මෙදින දේවස්ථානයට ගොස් ඇත්තේ තමන්ගේ දහමට මෙන්ම අනෙකාගේ දහමටද ගරුකළ යුතුය යන පරම චේතනාව පෙරදැරි කරගෙනය. නමුත් ප්රහාරය විසින් ඇයව බිලිගත්තේ සියළු භේද පිළිබඳ මිත්යාව අප සියළු දෙනාටම පසක් කර දෙමිනි.
අප මේ පිළිබඳව පෙරියමුල්ල ප්රධාන මුස්ලිම් පල්ලියේ කාරක සභිකයෙකු ලෙස කටයුතු කරන පාහිම් මහතාගෙන් විමසා සිටියෙමු. ඔහු සඳහන් කළ ආකාරයට මෙම දරුවාගේ මව සිංහල වන අතර පියා මුස්ලිම්ය. මෙම දරුවාගේ අවසන් කටයුතු සඳහා කතෝලික ජනතාව නියෝජනය කරමින් කතෝලික පියතුමන්ලාද සහභාගීවූ බවත්, මීගමුවේ සියළු කතෝලික සහ බෞද්ධ ජනතාව කිසිදු භේදයකින් තොරව ඔවුන් සමඟ කටයුතු කරන බවත් , එසේම මීගමු නගරයේ මුස්ලිම් ජනතාව අනෙකුත් ජන කොටස් සමඟ වසර ගනනාවක් තිස්සේ එකට ජීවත්වූ බවත්, කුමන ප්රශ්ණයක් මතු වුවත් එම බැඳීම බිඳ නොගන්නා බවත්, ඔහු තවදුරටත් පැවසීය.
ඉතා සුළු කල්ලියක අරමුණ සහ මෙම ජනතාවගේ අරමුණෙහි පවතින අහසට පොලොව මෙන්වූ වෙනස අවබෝධ කර ගැනීමට ඉඩදී අශාරා පාතිමා දියණිය අද අප අතහැර ගියද ඇය ලෝකයට දෙන පනිවිඩය වචන වලින් විස්තර කළ නොහැක.