මේ වනවිට දිවයිනේ දේවස්තාන 3ක් ඇතුළු සංචාරක හෝටල් කිහිපයකම උදෑසන ඇතිවූ බෝම්බ පිපිරීමෙන් තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිඛේ. මේ වනවිට ඇතුළත් කළ පුද්ගලයින් ගණන 243ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ අනිල් ජාසිංහ මහාතා ප්‍රකාශ කර සිටියි. ඒ අතරින් කොටසක් මියගිය බවත් තවත් පිරිසක් මේ වනවිටත් කොළඹ ජාතික රෝහල ඇතුළව රෝහල් කිපයක ප්‍රතිකාර ලබන බව ඒ මහතා පවසයි. මේ වනවිට කටුවපිටිය දේවස්ථානයේ සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 62ක් මේවනවිට මියගොස් ඇති බවත් පුද්ගලයින් 110ක් තුවාල ලබා ඇති බවත් ඒ මහතා මීට මොහොතකට පෙර මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කරන ලදී.