කටුවපිටිය බෝම්බයෙන් මියගිය ගණන 113 ක් බව හෙළිවේ !

0
104

IMG_4732(8.45 am )කටුවපිටිය දේවස්ථානයට එල්ලවු බෝම්බ ප්‍රහාරයෙන් මි්‍යගණන 113 ක් වන බව කරන ලද සම්පුර්ණ පරික්ෂණ වලින් හෙළිව ඇතැයි ඊයේ පැවැති විශේෂ හමුවකදි  ප්‍රකාශයට පත්කොට තිබුණි.
නිවාස සහ සංස්කෘතික කටයුතු පිලිබදව ඇමති සජිත් ප්‍රේමදාස මහතා කටුවාපිටිය  දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද නිරික්ෂන චාරිකාවකට එක්ව සිටි අවස්ථාවේදි පැවැති හමුවකදි මේ බව ප්‍රකාශයට පත්කර තිබේ.
රජය කලින් සදහන් කර තිබුනේ මිගමුමේ බෝමබ ප්‍රහාරයෙන් මිය ගණන 102 ක් බවය. පසුව දැඩිසත්කාර ඒකවල ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනෙකු මිය ගොස් තිබිම හේතුවෙන් මුළු ගණන 104 ක් විය.
එහෙත් දැන් හෙළිව අැත්තේ ඒ ගණන තවත් වැඩි වි ඇති බවකි. ඒ සමික්ෂණ කණ්ඩායම් කිපයක් විසින් සිදුකරන දත්ත එක්රැස්කිරිම් වලින් පසුව කරන විශ්ලේෂණ ඇසුරිනි.
මේ අනුව තවදුරටත් හෙලිව තිබුනේ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබු මුලු ගණන 200 ක් වු බවය.
මිය ගිය 113 ක පිරිස පවුල් 75 කට අයත්ව වුවන් බවත් මේ ප්‍රහාරයෙන් විපතට පත් මුළු පවුල් ගණන 177 ක් බවත් දැන් හදුනාගෙන තිබේ.