කටුවාපිටියේ අන්තවාදින් සුළු පිරිසක් වෛරය වපුරද්දි බහුතරයක් කිතුණුවෝ ප්‍රේමය පතුරුවති !

0
130

පාස්කු ඉරුදින ප්‍රහාරයට තෙමසක් පිරෙන්නට ඇත්තේ තවත් දින කිපයකි.මුස්ලිම් අන්තවාදින්ගේ ප්‍රහාරයට ලක්ව වැඩිම පිරිසකට දිවි අහිමිව ගොස් තිබුනේ කටුවාපිටිය ප්‍රදේශයේය.
දේදුණු නගරයක සෙවන යටතේ සිටි සියළු ආගමික ජනකොටස් අතර කිසියම් අවිස්වාසයක් නිර්මාණය කරන්නට මේ ප්‍රහාරයන් බලපා තිබුණි.
ඒ සැකයන් වැඩිවර්ධනය කොට ඉන් දේශපාලන වාසි ලබාගැනිම සදහා ඇතැම් බලලෝභි දේශපාලකයන් විසින් මිගමුව මුස්ලිම් ජනයාට එරෙහිව සංවිධානාත්මක මැර ක්‍රියාවන් සංවිධානය කොට තිබුණ අතරේ කටුවාපිටිය ගම කේන්ද්‍රකොට ගනිමින්ද ඇතැම් අන්තවාදි කොටස් වෛරය පතුරවමින් සිටින ආකාරය අප පසුගිය කාලය තුල නිරික්ෂණය කළෙමු.බොනිෆස්
කටුවාපිටියේ අපි යැයි නම් තබාගත් මේ ඇතැම් කණ්ඩායම් කටුවාපිටිය ගමෙන් මුස්ලිම් ජනයාට ඉවත් විය යුතුව ඇතැයි යන අන්දමේ තර්ජනයන් පවා කර තිබුණි.අදටත් කටුවාපිටිය දේවස්ථානය අවට බිත්තිවලට කිතුණු දහමට නොගැපෙන අන්දමේ ජාතිවාදි වර්ගවාදි ප්‍රකාශයන් රැගත් පොස්ටර අලවා තිබෙනු පෙනේ.
මේ සදහා පල්ලියෙ පියතුමා දක්වන්නේ කිනම් අන්දමේ ප්‍රතිචාරයක්ද යන්න තවමත් පැහැදිලි නැත.
කෙසේ වෙතත් මේ සුළු අන්තවාදින්ගේ අමන ක්‍රියාවලට කටුවාපිටියේ බුද්ධිමත් ජනයා ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දක්වමින් ප්‍රේමය ගමතුල පතුරුවාලිමේ විවිධ මැදිහත්විම් වල නිරතව සිටිති.
ගමේත් රටේත් ප්‍රකට රංගන ශිල්පියෙකු වන  බොනිෆස් ජයශාන්ත සිය මුහුණු පොතේ සටහන් තබා තිබුනේ ක්ලිටස් මෙන්ඩිස් කලාකරුවා ප්‍රමුඛ කලාකරුවන්ගේ පදනමක් විසින් ප්‍රදේශයේ ප්‍රගතිශිලි ව්‍යාපාරිකයන්ගේ අනුග්‍රහය මත විපතට පත් පවුලක් වෙත නිවසක් ඉදිකර තිබේ.එය භාර දිම මේ ජුලි 21 වෙනි දිනට යෙදි තිබේ.
මේ අනුව කටුවාපිටියේ අන්තවාදින් අතලොස්සක් දේශපාලකයන්ට ගැතිව වෛරය වපුරද්දි අතිබහුතරයක් ගමවැසියෝ සැබෑම කිතුණුවන් ලෙසින්  ප්‍රේමය පතුරුවමින් සිටිති.
මේ අතර මුස්ලිම් කඩ වර්ජනය කළ යුතු යැයි කියමින්ද මුස්ලිම් කඩ වර්ජනය මිගමුවේද සාර්ථක යැයි කියමින්ද අන්තවාදි බේගල් පතුරුවන අන්තවාදින් ටික දෙනෙකු සිටි.
මේ එක් අන්තවාදියෙකු විසින් මිගමුවේ නමද යොදා මුහුණු පොතේ මේ අන්තවාදි මත වපුරමින් සිටිනු දක්නා ලදි .

සියුම් ලෙසින් වෛරය වපුරන අයුරු