කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බයෙන් මිය ගිය පාතිමා !

0
137

 News pathima 1

(11.05 am ) 21  වන  ඉරිදා  කටුවපිටිය  ශාන්ත  සෙබස්තියන්  දේවස්ථානයේදී  වයස  අවුරුදු  14ක  දැරියක්  මියගිය  පුවත  විසින්  මුස්ලිම්  ජනතාවගේ  ඇස්වලටද  කඳුළු  එක් කළ  ආකාරය  අපි  දැක්කෙමු.
රූපිකා වන ඇගේ මව කිතුණු බැතිමතියකි.
අරුස් වන පියා මුස්ලිම් බැතිමතෙකි.
පාසැල්  දැරියක්වූ  ඇය  තම  මිත්තණිය  සමඟ  මෙදින  දේවස්ථානයට   ගොස්  ඇත්තේ  තමන්ගේ  දහමට  මෙන්ම  අනෙකාගේ  දහමටද  ගරුකළ  යුතුය  යන  පරම  චේතනාව  පෙරදැරි  කරගෙනය.  නමුත්   ප්‍රහාරය  විසින්  ඇයව  බිලිගත්තේ  සියළු  භේද  පිළිබඳ  මිත්‍යාව  අප  සියළු  දෙනාටම  පසක්  කර  දෙමිනි.FB_IMG_1555946579404

අප  මේ පිළිබඳව  පෙරියමුල්ල  ප්‍රධාන  මුස්ලිම්  පල්ලියේ  කාරක සභිකයෙකු  ලෙස  කටයුතු  කරන  පාහිම්  මහතාගෙන්  විමසා  සිටියෙමු.  ඔහු  සඳහන්  කළ  ආකාරයට  මෙම  දරුවාගේ  මව  සිංහල  වන  අතර  පියා  මුස්ලිම්ය.  මෙම  දරුවාගේ  අවසන්  කටයුතු  සඳහා  කතෝලික  ජනතාව  නියෝජනය  කරමින්  කතෝලික  පියතුමන්ලාද  සහභාගීවූ  බවත්,   මීගමුවේ  සියළු  කතෝලික   සහ  බෞද්ධ  ජනතාව  කිසිදු  භේදයකින්  තොරව  ඔවුන්  සමඟ  කටයුතු  කරන  බවත් ,  එසේම  මීගමු  නගරයේ  මුස්ලිම්  ජනතාව  අනෙකුත්  ජන  කොටස්  සමඟ  වසර  ගනනාවක්  තිස්සේ  එකට  ජීවත්වූ  බවත්,  කුමන  ප්‍රශ්ණයක්  මතු වුවත්  එම  බැඳීම  බිඳ  නොගන්නා  බවත්, ඔහු  තවදුරටත්  පැවසීය.FB_IMG_1555946586241

ඉතා  සුළු  කල්ලියක  අරමුණ  සහ  මෙම  ජනතාවගේ  අරමුණෙහි   පවතින  අහසට  පොලොව  මෙන්වූ  වෙනස  අවබෝධ  කර  ගැනීමට  ඉඩදී  අශාරා පාතිමා  දියණිය අද  අප  අතහැර  ගියද  ඇය  ලෝකයට  දෙන  පනිවිඩය  වචන වලින්  විස්තර  කළ  නොහැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here