කටුවපිටිය දෙව්මැදුරේ දිව්‍ය පුජාව අවසන් වන්නට සුලු මොහොතකට පෙර දෙව්මැදුරේ හරි මැද මෙම පුපුරා යෑම සිදුවු බව සිද්ධිය සියැසින් දුටුවකු මිපුරට පවසා සිටියේ.
මේ අතර මඩකලපුව දෙවස්ථානයේද බෝම්බ පිපිරිමක් සිදුව ඇති අතර ඉන් මිය ගිය ගණන 24 ක් බව බවද වාර්ථා වේ.
කොටහේන දෙව්මැදුරේ පිපිරිමෙන් 200 කට අධික පිරිසක් රෝහල්ගත කර ඇතැයිද මේ වන විට 20 කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයිද වාර්ථා වන අතර කටුවාපිටියේ ශා.සෙබස්තියන් දෙව්මැදුරේ පිපිරිමෙන් බැතිමතුන් කිපදෛනකු මිය ගොස් තිබුනද කොපමණ පිරිසක් මිය ගියේදැයි තවමත් තහවුරු කරන ලද වාර්ථා ඉදිරිපත්ව නැත.පල්ලිවලට අමතර කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් 3 කට බෝම්බ ප්‍රහාර එල්ල වි තිබේ.
මේ සියළු සිදුවිම් වලින් දැනටම මිය ගොස් ඇති මුළු ගණන 105 ක් පොලිස් මුලස්ථානය වාර්ථා කොට තිබේ.