කඩන් වැටුණු මිගමු මාළු කඩේ හදන්නේ කවදාද ?

0
200

මිගමුව කුට්ටුදුවේ මාළු කඩය දැන් කාලයක සිට අබලන්ව ඉතාමත් අනාරක්ෂිතව පැවතුණ අතර එහි ඉතිරිව තිබුන එකම වහලද පසුගිය අප්‍රෙල් 11 වෙනිදා කඩන් වැටි තිබුණි.

සිංහල දෙමළ අවුරුද්ද සදහා මාළු මිළදි ගැනිමට විශාල පිරිසක් එදින පෙරවරුවේ මිගමුව මාළු කඩේ වෙත පැමිණ තිබුනද මෙම අනතුරුව සිදුව තිබුනේ සවස් වරුවේ විම නිසා සිදුවන්නට විය විශාල අනතුරක් මඟහැරි ඇත.

කෙසේ වෙතත් මේ වහල යට මාළු විකුණු පිරිසට දැන් මාළු විකිණිම සදහා සුදුසු තැනක් නැත. ඔවුන්ට පුරුදුව සිටි පාරිභෝගියන් පවා දැන් මගහැරි යමින් ඇතැයි ඔවුන් කියා සිටිති.

විදේශ ආධාර යොදාගෙන ඉතාමත් අමනෝඥ ලෙස ඉදිකර තිබුණ මේ මාළු කඩයේ ආදායම් ලබාගැනිමට සදහා රජයේ රෙගුලාසි ප්‍රකාරව මිගමුව මහනගර සභාවට පවරා දියයුතුව තිබුණද ලංසා පවුල විසින් සිය දේශපාලන වාසි තකා මෙහි අදායම් ලබාගැනිම මිගමුව වැල්ලවිදියේ දේවස්ථානයට භාර දි තිබේ.