කඩල ව්‍යාපාරයට දැවිතෙල් යොදාගත් ව්‍යාපාරිකයාට නඩු ?

0
53
    මීගමුව වැල්ලවීදිය ප්‍රදේශයේ දැවිතෙල් ඉන්ධනයක් ලෙස යොදාගෙන කඩල හා අල පෙති බැදපු ව්‍යාපාරිකයෙක් ගැන අප මීටපෙර දැනුවත් කලෙමු. මෙම කඩල ව්‍යාපාරිකයාගෙේ මෙම ක්‍රියාකලාප නිසා වැල්ලවීදිය ප්‍රදේශයේ ඒ අවට අසල්වැසි නිවාස හි වෙසෙන අයට පාරිසරක ගැටලු වලට මුහුණ දීමට සිදුව ඇත. මේ සම්බන්ධයෙන් ඒ අසල වෙසෙන මොහොමඩ් පවුසි මහතා විසින් රජයේ ආයතන දැනුවත් කලද ඒ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට කිසිදු ආයතනක් ක්‍රියා නොගෙන තිබිණි.
මේ සම්බන්ධයෙන් අප විසින්ද වරින් වර මිගමුව නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිළධාරි මහත්වරුන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසන ලදි.
මේ වන විට මහජන සෞඛ්‍ය ඒකකය විසින් මෙම ව්‍යාපාරිකයාට නඩුවක් ගොනු කර ඇති අතර එය පෙබරවාරි  මස 05 දින විභාග කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් අප ඉදිරියෙදිත් විමසිලිමත්ව සිටින අතර ඒ සම්බන්ධ පියවර ගත් මහජන සෞඛ්‍ය නිළධාරින්  හට ස්තූතිය පුදකර සිටිමු.
10728727_807017632654163_664771691_n