කඩා වැටුණ තාප්පයකට යටවීමෙන් කාන්තාවකට බරපතල තුවාල

0
137

P1070845P1070851ජුන මස 01 වනදා  තම අසල් වැසි නිවසේ තාප්පය කඩා වැටීමෙන් හදිසි අනතුරකට ලක්ව ඉතා අසාධ්‍ය තත්වයට පත් වී සිටි  තිදරු මවක් අද මීගමුව රෝහලෙන් ප‍්‍රතිකාර ලබා පිටත්ව ගියේය. මෙම සිදුවීම සිදුවූයේ පිටිපන ප‍්‍රදේශයේදීය.  අඩි 09 ක උසින් සහ අඩි 49 දිගින් යුත් තාප්පයක් සිය ශරීරයට කඩා වැටීමෙන්  මෙලෙස හදිසි අනතුරකට ලක් වුයේ  උතුරු පිටිපන 659 ස්ථානයේ පදිංචි ස්ටේලා මේරි නම් 52 හැවිරිදි අයෙකි. මෙම අනතුරින් ලැබු ඇය සම`ග ඇගේ වැඩිමහල් දියනියද තුවාල ලැබීය. උස අඩි 09 ක සහ දිග අඩි 45 ක මෙම තාප්පය ඉදි කිරීමේදී නිසි ප‍්‍රමිතියකින් ඉදි නොකිරීමෙන් සහ සමාන දිග පරතරයකින් කොන්ක‍්‍රීට් කණු යොදා නොතිබීමෙන් මෙම තාප්පයේ ශක්තිය අඩු වී මෙලෙස අනාරක්ෂිත තත්ත්වයට පත් වී ඇති බව පෙනී යයි. මෙම හදිසි අනතුරින් ලත් තුවාල හේතුවෙන් මේ වන විට ඇයගේ හිසට මැහුම් 04 ක් දමා ඇති අතර ඇයගේ දකුණු කකුලේ දනහිසට ඉහල දක්වා බැන්ඬේජ් එකක් යොදා ඇත. මේ සිද්ධිය සම්බන්ධව පරීක්ෂන කටයුතු මෙහෙයවන පොලිස් නිලධාරීන්ගෙන් ඇය ඉල්ලා සිටින්නේ මේ පිලිබ`දව අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් පවත්වා තමන්ට තමගේ දෙපයින් යලි ඇවිදීමට අවශ්‍ය වෛi ප‍්‍රතිකාර කර ගැනීමටවත් සැලකිය යුතු වන්දියක් තමන්ට ලබා දීමට අවශ්‍ය කටයුතු කර දෙන ලෙසයි.

ඡායා -තුෂාර රොහාන්