.කඩොල් කැලේ ක්‍රිඩාපිටියට අපිට තවත් කෙනෙකුගෙන් අවසර අරන් ඇතුළු වෙන්න සිදුවෙලා -නියොජ්‍ය නගරාධිපති එම් .සකාවුල්ලා.

0
74

මීගමුව මහනගර සභාවේ ආණ්ඩුපක්ෂ පාලනය තුල පසු ගිය කාලයේ මීගමුව ජනතාවගේ සම්පත් වේගයෙන් පුද්ගලික අංශයට පවරා තිබිම දක්නව ලැබුණි.

විශේෂයෙන්ම මේ දිනවල නගර සභාවේ කතා බහට ලක්ව ඇති කඩොල් කැලේ ක්‍රිඩාංගනය නිතිවිරෝධි ලෙසින් ජුපිටර්සි ක්‍රිඩා සමාජය විසින් පරිහරණය කිරිමේ මින් එක් උදාහරණයක් පමණි.

මෙහි ඇති භායනක තත්වය නම් මීගමුව මහනගර සභාවේ උපනගරාධිපති එම් .සකාවුල්ලා මහතාටම මෙහි යථාර්ථය 2012 මැයි මස 09 වනදා පැවැති මහ සභා රැස්විමේදි  විපක්ෂයේ මන්ත්‍රි රවි ජිවානන්ද මහතා විසින් ගෙන ආ යෝජනාවකට අදහස් දක්වමින් හෙළි කරන්නට සිදුවිමයි..

………..කඩොල් කැලේ ක්‍රිඩාපිටියට අපිට තවත් කෙනෙකුගෙන් අවසර අරන් ඇතුළු වෙන්න සිදුවෙලා තියෙන්නේ ඒවගේම මේජර් රාජ් ක්‍රිඩාපිටියද ක්‍රිඩා සමාජයක් යටතේ තියෙන්නේ එයද අපට දිමට හැකියාවක් නැති තත්වයකට පත්වෙලා තියෙනවා එ වගේම කඩොල් කැලේ ගෘහස්ත ක්‍රිඩා පිටිය ටෙනිස් ක්‍රිඩා පිටිය මීගමුව මහ නගර සභාව විසින් මුදල් යොදවලා අපි විශාල ප්‍රමාණයක් මීගමුව ජනතාවගේ බදුමුදලින් මේ සංවර්ධන කටයුතු කළත් සමහර වෙලාවට අපේ මන්ත්‍රිවරයෙකුටවත් සමහර අවස්ථාවන්වලදි මැදිහත් විමේ හැකියාවක් නොමැති බව කණගාටුවෙන් හරි කියන්න සිදුවෙනවා…………….