කඩොලාන ගැන හෘද සාක්ෂියක් නැති ධීවරයන්ට කලපුවක් මොකටද ?

0
161

lagoonnegombo-lagoonNGB lagoonSRI_LANKA_(f)_1102_-_Blessings_Fishing_gears_and_vesselsමීගමුව කලපුව අවට කඩොලාන පරිසරය වින කටින්නට යළිත් දේශපාලකයන් සැරසෙන අයුරු ගැන විවිධ කථා දැන් පැතිරෙන්නට පටන් ගෙනය.
මාධ්‍ය පවා වරින් වර මේ ගැන අදහස් මතු කර තිබුණි.
පරිසරය ගැන හෝ විද්‍යාව ගැන මෙලෝ දෙයක් නොදන්නා මීගමුවේ දේශපාලකයන්ට කඩොල් කැලේ යනු ඉක්මනින්ම කපා කාට හෝ විකුණා තමන්ගේ ගාන කපාගැනිම සදහා ඇති භුමි භාගයකි.
මේ නිසාම පළාත් සභා ඇමති නිමල් ලංසා මෙන්ම ධිවර නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න ද කඩොල් කැලෙන් තමන්ගේ අරමුණු  තරගැනිමට මාන බලමින් සිටිම අරුමයක් නොවේ.
එහෙත් මෙහි ඇති අවුල වන්නේ කිසිදා කලපුව රැකගැනිමේ වැදගත්කම තඹ පයිසෙක වැදගත්කමක් නැති දේශපාලකයන් සිටින සමාජයක ඉන් යැපෙන පවුල් 3000 කටත් කිසිදු හෘද සාක්ෂික් නොමැතිවිමයි.
කලපුව වෙනුවේ විවිධ නම් වලින් අටවා ගත් සංවිධාන ගොන්නක් තිබුනද මේ කිසිදු සංවිධානයක් විසින් මීගමුව කලපුව අවට ඇති කඩොලාන රැකගැනිම අරඹයා කිසිදු තිරණාත්මක මැදිහත්විමක් නොකළ බව  අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කරන්නෙමු.
වරක් පුරපති නිමල් ලංසා මාන බැලුවේ පිටිපන ජනතාවට කලපු ජලය පිරිපහදු කර පානිය ජලය ලබා දිමේ ව්‍යපෘතියකට මුවා වි කඩොලාන විනාශ කරන්නටය,
කඩොල් ගහක් කැපුවොත් හිරේ දාන නිති නහුතයක් තිබියදි එදා නිමල් ලංසාගේ චෞර මන්ත්‍රිවරයෙකු වු නිල් ඩන්ස්ටන් නැමැත්තා කඩොල් අක්කර 8 ක් කපා එය මුඩු බිමක් බවට පත් කළද මීගමුවේ කිසිදු සංවිධානයක් රාජ්‍ය ආයතනයක් මීක් ගෑවේ නැත.
මීගමුව ඉතිහාසය තුල එහි සිටි පගාමරුවා වු ප්‍රාදේශිය ලේකම් ශාන්ත කේ මුහන්දිරම් සිය ගසා කෑම් ජිවිකාව දේශපාලකයන් ලවා ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් මේ කඩොලාන විනාශය ගැන කිසිදු මැදිහත්විමක් සිදුකලේ නැත.
මේ නිසාම රජයේ වියදමින් කඩොලාන පරිසරය මැන රක්ෂිතයක් සදහා වෙන්කිරිමට කටයුතු සැකසිය යුතුව තිබුනත් ශාන්ත කේ මුහුන්දිරම් නැමැති චෞර රාජ්‍ය නිලධාරියා දේශපාලකයන්ගේ මඩි තරකර දිම සදහා මේ කටයුතු පමා කළේය.
අරුමය වන්නේ මේ කිසිදු අවස්ථාවක මීගමුව කලපුවෙන් යැපෙන පවුල් 3000 ක එකදු සාමාජිකයෙකු හෝ ඒ වෙනුවෙන් ක්‍රියාක්මක වනවා යැයි කියන එකදු සංවිධානයක් හෝ මේ අකටයුතුකම් වලට එරෙහිවු නොවිමයි.
පරිසරය ගැන අල්ලස දුෂණය පමණක් නොව ඇල්වතුරත් නිවා පානය කිරිමට ජනතාවට උගන්වන අතිශය සුපිළිපන්න සංවිධාන පවා තමන්ගේ සාමාජිකයන්ට ගෙවල් ලැබෙන්නේ කඩොල් ටිකක් කැපුනාට කමන් නැ යන ප්‍රතිපත්තියේ සිට කටයුතු කළෝය.
මේ සියළු යථාර්තයන් තුල කඩොලාන පරිසරය රැකගැනිම සදහා දේශපාලකයන්ගේ ප්‍රසිද්ධ තර්ජනයන් හමුවේ ක්‍රියාත්මක වන්නට සිදුවුයේ මීපුර පුවත් පතට පමණි.
එබැවින් කඩොලාන පරිසරයට පමණක් නොව කලපුවටත් අබ සරණයි කියන දිනය වැඩි ඈතක නොවේ.
කඩොලාන පරිසරය ගැන හෘද සාක්ෂියක් නැති ධිවරයන්ට ඉතින් කලපුවක් මොකටද?