කතට පහර දුන් පමුණුගම පොලීසිය දැන් සමාදානයට කැමතිලු ?

0
49

FB_IMG_1565760859338පමුණුගම පොලිසිය විසින් මාධ්‍යවේදිනයක හා සමාජ ක්‍රියාකාරිණියක වු ඈන් මහත්මිය හට එල්ල කර ඇති නින්දිත ප්‍රහාරය පිළිබදව සමාජ මාධ්‍ය වල මෙන්ම අනෙකුත් මාධ්‍යවල බරපතල අවධානයක් මේ වන යොමුව තිබේ.
මේ පහරදිම සිදුව ඇත්තේ  කතෝලික පියතුමෙකු ඉදිරිපිටදි විම සිද්ධියේ බරපතල කම තවත් ඉස්මතුව තිබේ.
එනම් ආගමික නායකයෙකු ඉදිරිපිට පොලිසිය චණ්ඩි පිස්සන් සේ හැසිරෙන්නේ නම් ඉන් කියැවෙන්නේ කුමක්ද?
මේ පහරදිම සිදුව ඇත්තේ පමුණුගම මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාගේ කාමරයේදි විමත් ඒ අවස්ථාවේදි මුලස්ථාන පොලිස් පරික්ෂකවරකයාද එහි සිටිමත් තුලින් පොලිසියේ විනය තරම රටට දැන් කියා තිබේ.
පොලිස් ප්‍රහාරය නිසා තුවාල ලැබු ඈන් රණවීර දැන් නේවාසිකව රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.අද සවස පමුණුගම පොලිසියේ 4 දෙනෙකු  රාගම රෝහලට පැමිණ තිබුනේ ඈන් සමගින් සමාදානයට කැමැති යැයි කිමටය.
මේ එක් අයෙකු නිළ ඇදුම් සහිතව සිට ඇති අතර අනෙක් තිදෙනා සිටියේ සිවිල් පිටය.
ඈන්ට පහර දෙන අවස්ථාවේ සිටි සික්ස්ටර්ස් කුරුකුලසූරිය පියතුමාවද පොලිසිය විසින් කැදවාගෙන විත් තිබුනේ සමාදානයට උදව් ගැනිම සදහා විය යුතුය.
කෙසේ වෙතත් දැනටමත් මේ සිදුවිම සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන මෙන්ම විවිධ සිවිල් කණ්ඩායම් පවා මැදිහත්වි ඇති නිසා තමන්ට සමාදානයකට යා නොහැකි බව ඈන් විසින් පමුණුගම පොලිසියේ නිළධාරින්ට දන්වා ඇතැයි වාර්ථා වේ.
කෙසේ වෙතත් මෙහි බරපතල කම තවත් මතුව ඇත්තේ පමුණුගම පොලිසිය විසින් පොලිස් වරෙන්තුවක්වත් නැතිව නිවසට ඇතුලු වි රාත්‍රි ඇදුම පිටින්  ඇයව බලෙන් පොලු මුගුරු සමග පැමිණ මාංචු දමා රැගෙන යාමට කටයුතු කර ඇති අත එයට එරෙහිව මැදිහත් වූ ඇයගේ මවට පවා අඩම්තේට්ටම් කිරිමට පසුබටව නැති නිසාය.
යහපාලන මේ රට ස්ථාපිත කොට කොමිසම් පත් කොට පොලිසිය ස්වාධින කොට හෙටට ගැලපෙන පොලිසියක් ගොඩනැගිමට ගත් උත්සාහය තුල ඇතැමුන් තවමත් පොලිසියට ඇදගෙන යන්නට හදන්නේ පරණ යුගයටමය,
එබැවින් මේ නින්දිත කම් වලට තිත තබන්නට පෙළගැසිය යුතු ව තිබේ.