නමසිය හැටගනන් වලදී ඒවන විට කතෝලික සභාවට සහ වෙනත් ක්‍රිස්තියානි සභාවන්ට අයත්ව තිබූ බොහෝ පාසල් රජයට පවරා ගන්නා ලදී. එහෙත් කොළඹ සහ ප්‍රධාන නගර ආසන්නයේ තිබූ සුපිරි පාසල් කීපයක් කතෝලික සහ අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් භාරයේම තබන්නට විය. මේසේ සිදුවුයේ කුමන එකඟතාවයක් මතදැයි පැහැදිලි නැත. කෙසේ වුවද ඒ සුපිරි පාසල්වල ඉගෙනුම ලැබුවේ සුපිරි පවුල් වල දරුදැරියන් බව නම් නියතය. එතැන් පටන් කතෝලික සභාව කතෝලික පාසල් ලෙස සැලකුවේ තමන්ගේ අයිතිය සහ පාලනය යටතේ පවතින සුපිරි පාසල් පමණක්වු අතර සභාවේ සම්පත් මෙම පාසල් සංවර්ධනය සදහා කිසිම ලෝභ කමක් නැතිව යෙදවුහ. එසේම රජයට පවරා ගනුලැබූ අතිබහුතරයක් කතෝලික දරුවන් අධ්‍යාපනය ලබන පාසල් මුලුමනින්ම අතහැර දැමුවේය. අද ලංකාවේ අතිශයින්ම සුපිරි තත්ත්වයේ ඇති පාසල් කතෝලික සහ අනිකුත් ක්‍රිස්තියානි සභාවන්ට අයත්ය. මෙම පාසලකට ඇතුළුවීම සාමාන්‍ය පවුලක දරුවකුට කිසිම දිනක සැබෑ නොවන සිහිනයකි. කතෝලික සහ වෙනත් ක්‍රිස්තියානි දරුවන් අතිබහුතරයක් සිටින පාසල්වලට විශේෂාකාරයට අනුග්‍රහය දැක්වීමට හැකියාව තිබියදී කතෝලික හෝ අනිකුත් ක්‍රිස්තියානි සභාවන් ඒ සදහා ඉදිරියට නොඑන්නේ එම පාසල් වලින් ආර්ථික ලාභ නොලැබෙන නිසාද?