කතෝලික පල්ලියට එපා වු දායන් ලංසා දැන් පන්සලේ සරණ පතන්නේ ඇයි ??????

0
106
දයාන් ලංසා නගරාධිපතිකර යුතු යැයි කියාගන්නා හිමිනමක්

සාසන තිස්ස හිමි(2.00pm) මීගමුව කියල කියන්නේ පුංචි රෝමේ .කිතුණු බහුතරයක්.ඒ වගේම මුස්ලිම් හින්දු භක්තියන්ද සමගින් සුළු බොදුනු ආගමික පිරිසක්ද වෙයි.
මේ නිසා එය සැබැවින්ම දේදුණු නගරයකි.
මේ නගරයේ මුරදේවතාවන් ලෙසින් හැමදිනකම කිතුණු පියතුමන්ලා පෙරමුණ ගෙන සිට ඇත.
රාජපක්ෂ පාලනයත් ලංසා පාලනයත් එකවර මීගමුවෙන් අතුගා දැමු පසුගිය මැතිවරණයන් වලදි කිතුණු පියතුමන්ලා එකාවන්ව පෙළගැසුනේ ඒ මජර පාලනයන් හමාර කර යහපාලනය ස්ථාපිත කරනු පිණිසය.priest-with-my32
priest-with-My3 100පල්ලිය විසින් අතුගා දැමු ලංසා පවුල ඊලගට එල්ලුනේ මීගමුවේ දුටුගැමුණු විහාරය වටේය.
ජාතිවාදය මිගමුව තුල වපුරන්නට මුල්ව කටයුතු කරන ලද ඇතැම් භික්ෂුන් වහන්සේලා වටේය.
මීපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩි ගමගේට පොල්ලකින් පහරදුන් දයාන් ලංසාගේ මැරයන් සැගවි සිටියේද මේ පන්සලේම බව කව්රුත් දනි.පොලිසිය විසින් මේ මැරයන් දෙදෙනාව අත්අඩංගුවට ගත්තේද මේ පන්සලේ සිටියදිමය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදි දයාන් ලංසා එක්සත් ජනතා සන්ධානයෙන් වැඩිම මනාප ගත්තද කතෝලික පියතුමන්ලා දයාන් ලංසාව පුරපති කිරිමට එකහෙළාම විරෝධය පළකළහ.
මේ ගැන ඉතාමත් හොදින් දන්නේ දැන හෝ නොදැන දයාන් ලංසාට මේ දිනවල චරිත සහතික දිමට  ඉස්සර වන සරත් ගුණරත්නය.
පල්ලියට පියතුමන්ලා  හමුවේ කුජිතවු දයාන් ලංසාව පසුව වැල්ලවිදිය අතහැර කටුපිටියට ප්‍රදේශයට හා අගුරුකාරමුල්ලට සමිපයේ පදිංචියට ගියේ පල්ලියේ හෝ කිකුණුවන්ගේ යළිත් කිසිදු බැල්මක් දයාන් ලංසාට නොලැබෙන බව ඉතාමත් හොදින් තේරුම් ගෙනය.
දායන් ලංසා පවුල විසින් මිගමුව තුල දුරාචාරය පතුරුවාලිමට එරෙහිව අවස්ථා ගණනවකදිම පියතුමන්ලා පාරට පැමිණ විරෝධතා දක්වා තිබුණි.වැල්ලවිදිය පල්ලිය මෙන්ම බොස්කෝ ආයතයේ පියතුමන්ලාද මේ විරෝධතාවලදි පෙරමුණ ගෙන සිටියහ.

නිතිවිරෝධිව පවත්වාගෙන ගිය ලංසාගේ හිතවතෙකුගේ අවන්වලට වැල්ලවිදිය පල්ලියේ විරෝධය
නිතිවිරෝධිව පවත්වාගෙන ගිය ලංසාගේ හිතවතෙකුගේ අවන්වලට වැල්ලවිදිය පල්ලියේ විරෝධය
ටෙරන්ස් බොදියාබදු පියතු
විරෝධතාවයට එක්ව සිටි වැල්ලවිදියේ පල්ලියේ ටෙරන්ස් පියතුමා
වැල්ලවිදිෙය් ඇරෝමා අවන්හල
වැල්ලවිදිෙය් ඇරෝමා අවන්හල

ඒ අනුව දයාන් ලංසා පසුගිය කාලයේ බරවුයේ පන්සල පැත්තටය.තිඹිරිගස්කටු හිමි1
ඒ පන්සල් වල ඇතැම් ස්වාමින්වහන්සේලා කිප නමක්ගේ ප්‍රකාශ සමාජ ජාලා ඔස්සේ දායන් ලංසා දැන් ප්‍රචාරයකරවා ගනිමින් සිටින්නේ මීගමුවේ පුරපතිකම දයාන් ලංසාට දිය යුතු බව කියාගනිමිනි.
කුලියට ලියන දයාන් ගේ සමාජ ජාලා ලියනඅප්පුලා නොදන්නා කරුණු වන්නේ මිගමුව යනු පුංචි රෝමය බවයි.
දයාන් ලංසාට පුරපතිකම් දිය යුතු යැයි කියන එකදු හෝ කතෝලික පියතුමෙකුගේ ප්‍රකාශයක් හැකිනම් ඉදිරිපත් කරන ලෙසද අපි අභියෝග කරන්නෙමු.
ලක්ෂාන් ප්‍රනාන්දු -වැල්ලවීදිය