කතෝලික පල්ලියේ මත්කුඩු විරෝධි රැළියට උදව්කරන්න ලංසාලා පොරකයි ?

0
167

මීගමුව බේරාගනිමුපෙබරවාරි 25 වෙනිදාට යෙදි ඇති මත්කුඩු විරෝධි රැළිය තුලින් කළු චරිත සුදුකරන්නට මාන බැලු මීගමුවේ ඇතැම් දේශපාලකයන් දැන් අවුලට ගොස් ඇත්තේ අප විසින් දිගින් දිගටම කරන්නට යෙදුන හෙළිදරව් කිරිම් මත පියතුමන්ලා අතර මත ගැටුමක් නිර්මාණය වි තිබු බැවිනි.
මෙහි ප්‍රථිපලය වුයේ කිසිදු දේශපාලකයෙකුගේ උදව්ව හෝ ඒ අය පොරවල් කිරිමට කිසිදු ඉඩක් මේ රැළිය තුලදි ලබානොදිය යුතුයැයි එකහෙලාම පියතුමන්ලා විසින් දැඩි තින්දුවක් ගැනිමත් සමගින්ය.
ඊයේ පැවැති පියතුමන්ලාගේ විශේෂ රැස්විමකදිද මේ ගැන දැඩි කථා බහක් මතුව තිබුණි.
මීගමුවේ මත්කුඩු විරෝධි රැළියට පාදර් අපෙන් මොනවද වෙන්නේ ඕනේ යැයි කියමින් නිමල් ලංසා විසින් පියතුමන්ලා කිපදෙනෙකුගෙන්ම නිතර නිතර විමසා ඇතැයිද වාර්ථා වේ.
ඒ සියළු ඉල්ලිම් පියතුමන්ලා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
දැනටමත් විවිධ දේවල් සදහා උදව් ගනිමින් සිටින පියතුමන්ලාව මේ සදහා යොදාගැනිමට නිමල් ලංසා දැනටමත් සැලසුම්කර ඇතුවාට සැක නැත.
පෙබ 25 වනදා රැළියට  සිය ප්‍රදේශව වලින් සෙනග රැගෙන ඒමට කටයුතු කරමින් සිටින පියතුමන්ලාගේ අදහස වි ඇත්තේ දේශපාලකයන් විසින් මේ රැළියේ තුලදි චරිත ලෙස රගන්නට පටන් ගත හොත් තම ජනතාවද රැගෙන ඒ මොහොතේම එතනින් ඉවත්ව යන බවය.
මේ සියල්ල තුලින් පෙන්නම් කරන්නේ මීගමුවේ පියතුමන්ලා අතර දැඩි අවධානයක් මෙන්ම පැහැදිලි විරෝධයක්ද විශේෂයෙන්ම ලංසා පවුල වෙත එල්ල වි ඇති බවය.
මේ නිසා ඇතැම් පියතුමන්ලාව අල්ලාගෙන කළු චරිත සුදුකරගැනිමේ මෙහෙයුම දැන් ලත් තැනම ලොප් වි ඇත.