කනත්තට එන මළසිරුරු ධනය උපයන ඉල්ලමක් කරගත් ‘ ගයාන් ‘

0
266

CEMTRYMANGOKKAHENA(11.41am)
මීගමුව මහ නගරසභාව  යටතේ පාලනය වන  මඤ්ඤොක්කහේන  කනත්තේ  භාරකරු  ගයාන්  නම්  තැනැත්තෙකි.
ව්‍යාපෘති  කම්කරුවෙකු  ලෙස  නගරසභාවේ  සේවයට  බඳවා ගත්  ඔහු  පසුව  කනත්ත  භාරකරු  ලෙස  පත්කරමින්  ස්ථිර  පත්වීමක්  ලබාදෙයි.   අධ්‍යාපන  සුදුසුකම්  පරීක්ෂා  කිරීමේදී  හෙලිවී  ඇත්තේ  මොහු  ඉදිරිපත්කර  ඇති  අධ්‍යාපන  සහතිකය  හොර  එකක් බවය.  කූට  ලේඛණයක්  ඉදිරිපත්කළ  හෙයින්  ඒ පිළිඳබව  නාගරික  කොමසාරිස්වරිය  විසින් පරීක්ෂණයක් පැවැත්විය යුතු  නමුත්   එවැනි  පරීක්ෂණයක්  නොකරමින්  රැකියාවෙන්  ඉවත් කරන ලදී.   පසුව  මෙවැනි  තත්වයක්  තිබියදීත්,  මේ  තැනැත්තා  නැවත  සේවයට  බඳවා  ගන්නා  ලදී. එසේ  බඳවා  ගන්නේ  විවෘත  පරීක්ෂණයක්  සඳහා  ඉල්ලුම්පත්  කැඳවීමක්  කරමිනි.  ඔහුද  ඒසඳහා  ඉල්ලුම්  කල  අතර  මේ  අවස්ථාවේ  එම  පරීක්ෂණය  පවත්වන  ලද්දේ ඉල්ලුම් කිරීමට   අවශ්‍ය  සුදුසුකම්  පහළට දමමින්ය.

කෙසේ හෝ  නැවත වරක්  ඔහු  කනත්ත භාරකරු  ලෙස  පත්කරයි.  මේ  දක්වා  මේ  තැනැත්තාගේ  සුදුසුකම්  කෙසේ වෙතත්  රැකියාව  සහතික  කිරීම  සඳහා  අනුබලය  ලැබෙන්නේ  නගරාධිපතිගෙන් සහ  නාගරික කොමසාරිස්වරිගෙනි .මේ අනුව     කනත්තේ  කරන  සියළු  කටයුතු  තමන්ට  අභිමත  පරිදි  කිරීමට  ඔහුට  ඉඩකඩ  දැන් ඔහුට විවෘත වී  ඇත.   ඒනිසා  සෙනසුරාදා  වැනි දිනවල  බිල්කැඩීමේ  කටයුත්ත  පවා  කිරීමට  හැකිවි තිබේ. පසුගිය  දිනක  මැදපෙරදිග  සිට  මියගිය  අයෙකු  ආදාහන  කිරීමට  පැමිණි  අවස්ථාවේ  රු.  7500/  ක  බිලක්  කඩන  ලද්දේ ඒ අනුවය. නමුත්  ඒ සඳහා  කාබන්  කොපියක්  නැත.  නගරසභාවට  එම  බිලේ  යටකොලය  ලබාදී  ඇති  අතර   එහි  සටහන් වන්නේ  රු. 1000/ ක් ලෙසිනි.  රු.  1000/  ක්  අය කෙරෙන්නේ  භූමදානය  සඳහාය.  මෙම  මල සිරුර  සඳහා  ඔහු  තවත්  රු.  2500/ක්  අයකරමින්  රු.  9000/ක  මුදලක්  මේ  අවස්ථාවේදී  ගරාගැනීමට  ඔහු  සමත්ව ඇත.
IMG-20190826-WA0000 මේ අනුව මේ පුද්ගලයා  මළසිරුරු වල  සිට  සොහොන් කොත්වල  කටයුතු  ආදී  කුදුමහත්  කටයුතු  සඳහා  විශාල මුදල්  අයකිරීමක්  කරන  බවට වාර්තා වේ.   තතු  මෙසේ  තිබියදී  මීගමුව  නගරසභාවේ      නාගරික  කොමසාරිස්වරිය  සහ නගරාධිපතිගේ  ආශීර්වාදය  සහ  අනුබලය  මොහුට  ලැබි තිබේ.නාගරික කොමසාරිස්වරිය යනු ඒ නිලයට ඇති ගරුත්වයට පවා නිගා දෙමින් ඩෙගා නටන අයෙකු බවට පත්ව තිබේ.ඉහතකී  සියළු  කටයුතු   කිරීමේදී   ඒසඳහා  බලයක්  ඔහු  නිර්මාණය  කරගෙන  ඇත.  එසේම  මේ ගැන  සොයාබැලීම සඳහා  ලිඛිත පැමිණිල්ලක්    බස්නාහිර  පළාත්  කොමසාරිස්ට  යොමුකර  ඇතැයිද  දැනගන්නට  ලැබී  ඇත.

හොර අධ්‍යාපන සහතික දි රැකියාව කළ සේවකයා බේරගන්න ලංසා පවුල පෙරට ?