කන්ටේනර් කාර්යාලයට අවසන් නිවේදන

0
598

Container office(4.54pm)මීගමුවේ ටෙලිකොම් ආයතනය අසල අනවසරයෙන් කන්ටේනරයක් තුළ  පවත්වාගෙන යන ත්‍රීවීල් සංගමයක කාර්යාලයක් පිළිබදව අපි ප්‍රවෘත්තියක් පළ කරමින් මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය දැනුවත් කරන ලදී.   මේ සම්බන්ධයෙන්  මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මේ වනතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අද සිදුකළ විමසීමකදී එම ආයතනයේ  නිලධාරිණියක් විසින් ප්‍රකාශ කළේ  මේ වනවිට එම කන්ටේනරය ඉවත්කර ගන්නා ලෙස අදාළ ත්‍රීවීල් රථ සංගමයට අවසන් නිවේදනය නිකුත් කර ඇති බවයි.

මීගමුව නගරයේ  සංවර්ධනය සදහා යැයි කියමින්  මීගමුව අලුත් පාරේ තැඹිලි කඩ ,බීම කඩ, ඉවත් කළ නගර සභාව මෙසේ පවත්වාගෙන යන  අනවසර  ස්ථාන පිළිබදව  පියවරක් ගැනීමට ප්‍රමාද වන්නේ  පසුබට වන්නේ ඇයිද යන්න  ප්‍රශ්නයකි. අනවසර ගොඩනැගිලි පවත්වාගෙන යාමට ඉඩදීමේ ඉතිහාසය  ඉතා ජුගුප්සාජනක වූවක් නිසා අප නැවතත් ඒ පිළිබදව හාර අවුස්සා බැලීම නිෂ්පළය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here