
මිට කලකට ඉහතදි ඉතාමත් රහසිගත ආකාරයෙන් අඩි 20 කන්ටේනර් පෙට්ටියක් මිගමුව නගර සභාව තුලට ගෙන ගියේ කෙසේද යන්න තවමත් ගැටලුවකි.
ඒ සඳහා ආරක්ෂක අංශය අවසර ලබාදුන්නේ කෙසේද ? මේවා සැබැවින්ම ගැටළුකාරිය.මේ ගැන පරික්ෂණ පැවැත්විමට නාගරික කොමසාරිස්වරිය පියවර ගත්තාද යන්න තවමත් පැහැදිලි නැත.
මේ අතර ඊයේ රාත්‍රියේ ඉතාමත් රහසිගත ආකාරයෙන් මේ කන්ටේනර් පෙට්ටියේ බඩු ඉවත් කරගෙන යාමටද කව්රුන් හෝ කටයුතු කර ඇතැයි වාර්තාවේ.
මේ සියල්ල ගැන නිසි විමර්ශන දියත් කිරිමට කොමසාරිස්තුමිය කටයුතු කළ යුතුව තිබේ