කන්ඩත් නැති අසරණයන්ගෙන් මීගමු මාධ්‍යවේදියෙක් සල්ලි අරගෙන.

0
157

ප්‍රාදේශිය මාධ්‍ය කලාව අද බල්ලාට  ගොසින්ය. එය මාධ්‍ය කලාවක්  වෙනුවට බඩගොස්තරවාදයක් බවට පත් කරගත් පිරිසක් අද මීගමුවෙි් අසරණයන්ගෙන් පවා පුවත් පළකිරිමට මුදල් ගන්නා තත්වයක් දක්වා වර්ධනය වි ඇත.

පුවත් පළ කිරිමට මෙන්ම ඇතැම් පුවත් පළ  නොකිරිමටද මේ මාධ්‍යවේදින් ඩීල් දමති.

ඕස්ට්‍රේලියාවට යෑමට ගොස් අද සිරගතව සිටින පවුල්වල  ඥාාතින්ගේ සාමකාමි උද්ඝෝෂණයක් අද සවස මීගමුව බස් නැවතුම අසලදි පැවැත්විණි.  මේ අවස්ථාව ආවරණය කිරිමට පැමිණ සිටි එකම විද්‍යුත් නාලිකාවක  මාධ්‍යවේදියා මේ අසරණයන්ට පවසා ඇත්තේ  ඉක්මනින් පුවත් කැසට් පටය සිය මාධ්‍ය ආයතනයට  යැවිමට ත්‍රිවිල් ගාස්තු අවශ්‍ය බවය.

කෙසේ හෝ තමන්ගේ  පුවත අදම විසුරුවා හැර ඉන් සහනයක් බලාපොරොත්තුවෙන් රු 100 ය 200 බැගින් එකතු කර රු 2500 ක් මේ මාධ්‍යවේදියට ලබා දි තිබුණි.

මේ අසරණ මිනිසුන් අද දිවි ගෙවන්නේ බඩගින්නේය. නිවෙස්වල විදුලිය කපා ඇත. ගෙවාගන්නට මුදල් නැත.දරුවන් පාසැල් යවාගන්නට නොහැකිව ඇත.

මේ මිනිසුන්ෙග් කඳුළු කථාව මේ මාධ්‍යවෙදියාගේ  විඩියෝ පටයේ ඇති තරම් ඇත.එහෙව් මිනිසුන්ගෙන් රුපියල් 2500 ක් ගන්නට හැක්කේ කාටද..???