Saturday, October 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

Home Stories කන්දකාඩුවෙන් තවත් කොරෝනා අසාදිතයන් 14 ක් ! රාජාංගනයේ ප්‍රදේශයේ කිපයක් වසා දැමේ...

කන්දකාඩුවෙන් තවත් කොරෝනා අසාදිතයන් 14 ක් ! රාජාංගනයේ ප්‍රදේශයේ කිපයක් වසා දැමේ !

0
66

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි 14 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.ඔවුන් එම මධ්‍යස්ථායේ විවිධ රාජකාරීන්වල නිරතවුවන්ය.ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයන් ගණන 2631 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වෛරසය ආසාදිතව මේ වන විට සුවය ලැබු පුද්ගලයින් ගණන 1981කි.

මේ අතර රාජංගනයේ ප්‍රදේශ කිපයක් වසා දැමිමට පියවර ගෙන ඇතැයිද වාර්ථා වේ.

කොරෝනා ආසාදිතයන් හමු වූ රාජාංගනය ප්‍රදේශ කිහිපයක සංචරණය සම්පූර්ණයෙන් ම අඩාල කර, නවතා දමා ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද(13) පැවසීය. රාජාංගනයේ යාය 1, 3 සහ 5 යන ප්‍රදේශවලට ඒ අනුව මෙම සීමා පනවා තිබේ.කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවක් සඳහා එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බලා මෙම පියවර ගෙන ඇතැයිද ජාසිංහ මහතා කීවේය.

රාජාංගනයේ ආසාදිත උපදේශකවරයා සිය ඥාතියකුගේ අවමංගල්‍ය අවස්ථාවකට ගොස් සිටියදී, සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසියාකාරව  පිළිපැද්දේ නම් එම පිරිස ආසාදිතයන් වන්නට ඉඩ නොතිබූ බවද ඒ මහතා කීය.

කෙසේවෙතත්, වැලිකන්ද බන්ධනාගාර ආසාදිතයාගෙන් ආරම්භ වූ, කන්දකාඩුහි පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ ආසාදිතයන් පොකුර සම්බන්ධයෙන් සිදු විය යුතු සෞඛ්‍යාරක්ෂිත කටයුතු සහ ඔවුන් නිරෝධායනය කිරීමේ කටයුතුත් මේ වනවිට බොහෝදුරට ඉටු වී ඇති බවත් ඒ මහතා කීය.

Exit mobile version