spot_img
spot_img
Friday, September 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
Home Stories කන්දකාඩුවේ නිරෝධායන අවසන් කළ දෙදෙනෙකුට කොරෝනා !

කන්දකාඩුවේ නිරෝධායන අවසන් කළ දෙදෙනෙකුට කොරෝනා !

0
137
 covid-19-2020.03.17
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්  කළ යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට නැවත කොරෝනා ආසාදනය වී ඇතැයි අකුරැස්ස  පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඒ. ප්‍රේමරත්න මහතා පවසයි.
ඔවුන් අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද කොරෝනා ආසාදනය වූ බැවින් ඔවුන් දෙදෙනා නැවත කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇති බවද, ඒ මහතා  කීය. අකුරැස්ස පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“පරීක්ෂණවලදී තහවුරු වූ කරුණු  මත අකුරැස්ස, ගල්ලල, නාවල  සහ අකුරැස්ස, හේනේගම, බලපාත ප්‍රදේශයන්හි  එම ආසාදිතයින්ගේ පවුල් දෙකට අයත් 8දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා බියගම නිරෝධායන මධ්‍යස්ථානය වෙත  යොමුකළා.

මීට අමතරව මේ වනවිට ආසාදිතයින් ගනුදෙනු කළ වෙළදසැල්වල කාර්ය මණ්ඩලය, ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සහභාගී වූ පෞද්ගලික උපකාරක පන්තියක සහ කෘෂිකර්ම රැස්වීමකට සහභාගීවුවන් 50 කට ආසන්න ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

එසේම මෙම ප්‍රදේශයේ ම උත්සවයක් සංවිධානය කළ නිවැසියන්ට එරෙහිව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම යටතේ අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට  කටයුතු කරනවා” යැයි පැවසීය.
මේ අතර දකුණු පළාතේ පසුගිය කාලය තුල පැවැති දේශපාලන ප්‍රචාරක වැඩවලදි පක්ෂ භේදයකින් තොරව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සුලභ කරුණක්ව පැවැති අතර ඒ ගැන අවධානය යොමුකිරිමට කිසිදු බලධාරියෙකු පියවර ගෙන තිබුනේ නැත.මේ පසුබිම යටතේ එකි නීතිය උල්ලංඝනය කර ඇතැයි කියන ඇතැම් අයවලුන්ට පමණක් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනිමට අදාල බලධාරින් පියවර ගැනිම හරහා සිදුවන්නේ සමානාත්මතාවයෙන් තොරව නීතිය ක්‍රියාත්මක කිරිමට ඇතැම් නිළධාරින් කටයුතු කරන බවට වන චෝදනාවකි.