කන්දකුලියේ උපවාසයට සහයට මීගමුවේ දි විරෝධතාවක්

0
64

අන්දමන් දූපත්වල සිරගත කර ඇති කන්දකුලියේ ධීවරයන් ඉක්මනින් නිදහස් කරන ලෙස ඉල්ලමින් දැනට දින 5 තිස්සේ පවත්වාගෙන මරාන්තික උපවාසයට සහය පළ කරමින්  අද දින මීගමුවේ මංකුලිය ලෙල්ලම අසලදි ජාතික සහයෝගිතා ව්‍යාපාරය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් පැවැත්විණි.

මේ සදහා ප්‍රදේශයේ ධිවර හා කාන්තා සංවිධානද කිතුණු පියවරුන් සහ කන්‍යා සොහොයුරියන්ද සහභාගිව සිටියහ.මෙහදි මීපුර අදහස් දැක්වු ජාතික ධිවර සහයෝගිතාවයේ කැදවුම්කරු හර්මන් කුමාර මහතා පවස සිටියේ ධීවරයන් මෙරටට ගෙන්වා දිමට රජයට බලන පිණිසත්,කන්දකුලියේ උපවාසයට සහය දැක්විමට මෙන්ම විශේෂයෙන්ම එහි උපවාසයේ යෙදෙන ගරු හිමිවරුන්ට අපහස ගෙන දෙන අන්දමින් ධීවර ඇමැතිවරයා කර ඇති ප්‍රකාශ කිරිමටද මේ විරෝධතාවය සංවිධානය කළ බවය.