පසුව පරීක්ෂා කිරිමෙන් පසු එම යාත්‍රාවෙහි තිබි පාර්සල් හතක් හමුවු බවත් ඒවා විවෘත කර බැලු විට එහි රන් බිස්කටි කිලෝ හතක් තිබු අතර ඒ තුළ ග්‍රෑම් 100 බැගින් බර බිස්කටි 70 ක් තිබු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාර්ඩර් දිනේශ් බණ්ඩාර මහතා පවසන ලදි.
ඒම මහතා කරුණු දක්වමින් , එම යාත්‍රාවෙහි පුද්ගලයින් දෙදෙනෙකු සිටි අතර ඔවුන් දෙදෙනා අත් අඩංගුවට ගත් බවත් මෙම දෙදෙනා කන්දකුලිය ප්‍රදේශයේම පදිංචිකරුවන් වශයෙන් දැනට හඳුනා ගෙන ඇති බවත් පැවසිය.
මෙම රන් තොගය නිති විරෝධි ලෙසින් මෙම යාත්‍රාවෙන් ඉන්දියාව බලා
ගෙන යාම පිනිස සුදානමම් කර තිබු බවත් සැකකරුවන් හා රන් තොගය වැඩි දුර කටයුතු පිනිස රේගු ව වෙත බාර දීමට නියමිතව ඇති බවත් කමාන්ඩර් දිනේශ් බණ්ඩාර මහතා පවසන ලදි
ඔගස්ටින් ප්‍රනාන්දු – හලාවත