ස්ත්‍රී දූෂණයට වරදකරු වූ නස්රුල් ඉස්ලාම් නැමැති බංගලාදේශ ජාතිකයාට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කල ඉන්දීය අධිකරණය මෙම සිදුවීමට සම්බන්ද අනෙකුත් වරදකරුවන් වෙත වසර 10 බැගින් වන සිරදඩුවම් නියම කර තිබෙනවා. ඔවුන්ගේ සිරදඩුවම වසර 10කට සීමා වී ඇත්තේ ඔවුන් ස්ත්‍රී දූෂණයට වරදකරුවන් නොවීම හේතුවෙනුයි.
සිදුවීමට සාධාරණය ඉෂ්ඨ කරන ලෙස ඉල්ලමින් පූජකවරුන් මෙන්ම පාසල් දැරියන්ද වීදිවල උද්ඝෝෂණයන්ගේ නිරත වූ අතර එම විරෝධතාවයන්ට සහය දක්වමින් කඩවල් හා පාසල් වසා දමා ඇති අතර කන්යාසොයුරියගේ ශල්‍යකර්මය සිදුකල රෝහල ඉදිරිපටද ඔවුන් ඉටිපන්දම් දල්වමින් තමන්ගේ විරෝධතාවය දක්වා තිබුණා.
මනි වසර 5කට පමණ පෙර නවදිල්ලියේදී වෛද්යසිසුවියක් සමූහ දූෂනයට ලක්වීමේ සිදුවීමෙන් පසු ඉන්දියාව විසින් ලිංගික අතවර සම්බන්දයෙන් වන නීතී දැඩි කල අතර මෙම සිදුවීමත් සමග ඉන්දියාවේ කතෝලික ජනකොට්ටාසය දැඩි කම්පනයකට ලක්වී ඇතැයි වාර්ථා වනවා. එලෙසම මෙම සිදුවීමට මාස කිහිපයකට පෙර සිටම කතෝලික ප්‍රජාවට එල්ලවූ ප්රහාරයන් වල දිගුවක් ලෙසත් මේ ප්‍රහාරය දැක්වීමට පුළුවන් බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරන්නේ.