මීගමුවේ කඳවල ථෙතිහාසික ලන්දේසි කුළුන අද අලුයම කඩාවැටි ඇත.
පසුගිය කාලය තුල එය ඇලවි තිබුනද අදාල බලධාරින් එය සංරක්ෂණය කිරිම සදහා කිසිදු පියවරයක් ගෙන නැතැයි ප්රදේශවාසිහු පවසති.
අඩි 60 ක පමණ උසකින් යුත් මෙම කුළුන බිමට සමතලා වි ඇති අතර එය බිමට කඩාවැටිම අලුයම් කාලයේදි සිදුව ඇති නිසා කිසිවෙකුටත් ජිවිත හානියක් සිදුව නැත,
මෙවැනි කුළුනක් කටුනායක ඇවරිවත්ත ප්රදේශයේ බේස්ලයින් විදියේ පිහිටා ඇත.
ඡායා- බර්ටි වීරසිංහ / සුජායිල් මුනියර් සහ අන්තර්ජාලය ඇසුරෙනි