කපිල නන්දසුලෝචන මන්ත්‍රිවරයා චණ්ඩියෙක්ද ?

0
108

කපිල මන්ක්‍රීවරයාමීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙක් වන කපිල නන්දසුලෛා්චන මේ දිනවල මීගමුව නගර සභාෙව් පුවත් මවත ජනඅප්‍රියම මන්ත්‍රිවරයා වෙමින් තිබේ.
නගර සභාවේ කුණු ට්‍රැක්ටරය වැඩ ආරම්භ කිරිම සදහා කපිල මන්ත්‍රිවරයාගේ නිවසට ගෙන්වා ගැනිමේ පුරුද්දක්ද විය. පසුගිය දිනක එහි ගිය ට්‍රැක්ටර් රියදුරා සුළු වේලාවක් පමා විම නිසා සියළු දෙනාම ඉදිරියේ කපිල මන්ත්‍රිවරයා විසින් මේ රියදුරාට බැන වැදි ඇත.
එපමණක්ද නොව සෞඛ්‍ය අංශයට කථාකොට මේ රියදුරාව එම ට්‍රැක්ටරයෙන් ඉවත් කළ යුතු බවටද දන්වා ඇතැයි සැලය.
කපිල නන්ද සුලෝචන මන්ත්‍රිවරයාට මන්ත්‍රිවරයෙක් ලෙසින් කිසිදු ලැජ්ජාවක් නැතැයි නගරසභා සේවකයන් විසින්ම කියන්නේ ඔහුගේ මිදුල අතුගාගැනිම සදහා පමණක් නොව කඩේ යැවිම සදහාත් සෞඛ්‍ය අංශයේ සුළු සේවකයන්ව යොදගන්නා නිසාය.
මහින්දගේ මැර පාලනයත් ලංසලාගේ චණ්ඩිපාලනයත් දැන් මීගමුවේ නැති බව කපිල් නන්ද සුලෝචන මන්ත්‍රිවරයාට තේරුම් ගැනිමට තවත් දින කියක් අවැසිදැයි අපි අසමු.එසේ තේරුම් නොගන්නේම නම් යහපාලනය වෙනුවෙන් එය කපිල මන්ත්‍රිවරයාට තේරැම් කර දිමට මීගමුවේ ජනතාව පසුබට නොවිය යුතු බවද මෙහිලා සදහන් කළ යුතුමය.
මේ සියල්ල කිරිිමට නගරාධිපති ඇන්ටනි ජයවීර ඉඩ දි ඇත්තේ කපිලට බය නිසාදැයිද අපට අවසන් වශයෙන් අසන්නට සිදුව තිබේ.