කපිල මෛත්‍රිට සෙට් වෙයි !

0
85

(4.15 pm ) මීගමුව ශ්‍රිලනිප දේශාපලනයේ ක්‍රියාකාරි ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකු වු කපිල නන්ද සුලෝදන මහතාව නිමල් ලංසා පිළ විසින් හිතාමතා සැලසුම් ගතව පොහොට්ටු ලයිස්තුවෙන් ඉවත් කිරිමට පියවර ගැනිම හේතුවෙන් ඔහුට එක්සත් ජාතික නිදහස් පෙරමුණ හා එක්ව පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කිරිමට සිදුවිය.
එහිදි ඔහු විසින් කෙසෙල් ඇවරිය ලයිස්තුවේ වැඩිම ඡන්ද ලැබු කෙනා ලෙසින් ඡන්ද 800 කට වැඩි ප්‍රමාණයක් ලබාගෙන තිබුණි.
එහෙත් කෙසේල ඇවරියේ නායක මෛත්‍රි ගුණරත්න සහ නිමල් ලංසා අතර වු ගිවිසුම් මත ඡන්ද 19 ක් පමණක් ගත් මීගමුවේ කෙසෙල් ඇවරියේ නායකයා වු ඩෙක්ස්ටර් නැමැත්තාට නාගරික මන්ත්‍රිධරයක් ලබාදිමට පියවර ගැණුනි.
තතු එසේ වුවද සිය දේශපාලනය මිගමුව තුල ඉදිරියට කරගෙන යාම සදහා පසුගිය දිනක එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මිගමුව ආසන සංවිධායකධුරය ලබාගැනිමට කපිල නන්ද සුලෝචන විසින් තින්දු කර තිබුණි.
මීගමුව තුල පොදුජන පෙරමුණ ගොඩනැගිමට මුල්ව ක්‍රියාත්මක වු ප්‍රධාන දෙපල වන්නේ කපිල සහ සකාවුල්ලාය.
තතු එසේ වුවද පළාත් සභා මන්ත්‍රි සකාවුල්ලා සිය සටන් සගයා වු කපිලව පමණක් නොව මීගමුවේ මහින්ද ගෝඨා විරෝධි මුස්ලිම් ජනයාවද පාවා දෙමින් යළිත් වරක් නිමල් ලංසා හා එක්ව මිගමුව ඉතිහාසයේ තුච්ජතම පාවාදිමට මුල්වු තැනැත්තා ලෙසින් දැන් ඉතිහාසයට එක්ව සිටි.