කබ්රාල් පසුගිය සතියට කෝටි 4784 ක් අච්චු ගහලා !

0
65

අජිත් නිවාඞ් කබ්රාල් මහබැංකු අධිපති ලෙස යළි පත්වීමෙන් පසුව මේ දක්වා රුපියල් කෝටි 4,784 ක මුදල් ප්‍රමාණයක් මුද්රණය කර තිබෙන බව හිටපු ආණ්ඩුකාරවරයකු වන රංජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.   අජිත් නිවාඞ් කබ්රාල් මහබැංකු අධිපති ධූරය සදහා පත් වූයේ පසුගිය 15 වන දා ය.  

ඔහු මහබැංකු අධිපති වූ දිනයට පසුදා දිනයේ දී ම මහබැංකුව රුපියල් මිලියන 45,950 ක මුදලක් අච්චු ගසා තිබේ.   ඉන් පසුව ඊයේ දිනයේ දී (24) තවත් රුපියල් මිලියන 1890 ක මුදලක් අච්චු ගසා ඇත.  

අච්චු ගැසූ මුදල් ප්‍රමාණය ගැන දළ අදහසක් ලබා දෙමින් කරුණු පැහැදිලි කරන හිටපු ආණ්ඩුකාරවරයා, අච්චු ගසා තිබෙන මුදල් මුදල් ප්‍රමාණයේ වටිනාකම කොතෙක්ද යත්, අළුතින් තවත් මත්තල ගුවන් තොටුපළ වැනි ගුවන් තොටුපළක් සෑදීමට තරම් එම මුදල ප්‍රමාණවත් බව කියා සිටියි.   

මත්තල ගුවන්තොටුපළ සෑදීම සදහා වැය කර තිබෙන මුදල ඩොලර් මිලියන 252 කි. ”අච්චු ගැසූ මුදලින් තවත් ගුවන්තොටුපලක් හදන්නට පුළුවන්” යයි ඔහු පවසයි.    2019 ලංකාවට පොහොර ආනයනය සඳහා වැය වූයේ ඩොලර් මිලියන 220 කි.  ”අච්චු ගැසූ මුදල රටට බත, එළවළු, පළතුරු, මල්, කුළුබඩු ඇතුළු සකලවිධ වගාවන් සඳහා අවශ්‍ය පොහොර ආනයනයට වැය වන මුදලට වඩා වැඩියි. ” හිටපු ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා සිටියි.   කබ්රාල් අධිපති ධූරයට පත් වන විට මහබැංකුවේ රජයේ සුරැකුම්පත් වන මුහුණ අගය රු. බිලියන 1284.37 ක් විය.  අද වන විට එය රු. බිලියන 1332.21 කි.‍‍‍  
theleader.lk