කම්කරු ස්ත්‍රියකට අතවර කළ කෝටිපති ව්‍යාපාරිකයාගේ නඩුව අද ?

0
70

justice 1කෝටිපතියන්ට දිළිදු කාන්තාවන් කෙළිබඩුය.
එවන්  ස්ත්‍රි දුෂකයන්ට උසාවියක සිටින නිතිඥ ප්‍රජාවම සිය ධනය හා බලය වැය කොට ලබාගත හැකි බවටද කිසිදු තර්කයක් දැන් ඇත්තේම  නැත.
එහි බලහත්කාර ස්ත්‍රි දුෂණයක් සිදුව ඇතැයි වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කොට තිබියදි තම ස්ත්‍රි දුෂණ සේවා දායකයා වෙනුවෙන් පෙළගැසෙන නිතිඥ බලඇණිය සිය නිති තර්ක පෙළ ගස්වනු ඇත්තේ දුෂණයට ලක්වු දිළිදු අසරණ කත සිය කැමැත්තෙන්ම කෝටිපති ව්‍යාපාරිකයා හා රමණයේ යෙදුන බව උසාවිය තුලද ඔප්පු කොට ස්ත්‍රි දුෂකයා සුදනෙකු කොට ජයපැන් බොන්නටය.
මීගමුව මහේස්ස්‍රාත් අධිකරණය තුලදී හෙට සිට දිග හැරෙන්නට නියමිතව  ඇත්තේ එවන් කථාවක පටන්ගැන්මය.
මේ රටතුල යහපාලනය ස්ථාපිත කළද කෝටිපතියෝ සිය ධන බලයෙන් පිණුම් ගසති.
මේ රටේ නිති ක්ෂේත්‍රයේ අතිබහුතරයක් නිතිඥ ප්‍රජාවන් සිටින්නේ මෙසේ පිණුම් ගසන වුන හට නලා පිඹින්නටය.මේ නළාකාරයන් ගොන්නට වැටෙන්නේ නැති අතලොස්සක් වුව ප්‍රතිපත්තිගරුකයන් වෙත්නම් මේ අවනඩුව ගැන අවදියෙන් සිටින ලෙස අප ඉල්ලමු.