කම්මල්මෝයට තවත් ජීවිතයක් බිලි වෙයි?

0
239

සුරේස් 1මැයි 25 වන ඉරිදා කොච්චිකඩේ කම්මල්මෝයෛ් දිය නෑමට ගොස් සිටියදී  තරුණයෙකු ඉතා ශෝචනීය ලෙස මෝයේ ගිලීයාමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහුගේ සිරුර ඊයේ  උදේ 7.30ට පමණ ගොඩගෙන ඇති අතර  පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර  මේ වන විට දේහය නිවසේ තැන්පත් කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ දළුපත – සිරකඳවුර පාරේ සාලිස් මාවතේ පදිංචිව සිටි මධුරසාර සුරේෂ් චානක ප්‍රනාන්දු නම් 25 හැවිරිදි තරුණෙයෙකි. විවාහ වී මාස 11ක් පමණ වන අතර ඔහුගේ බිරිද මෙම මරණය සම්බන්ධයෙන් සැකකටයුතු බව ප්‍රකාශ කර තිබේ. එයට හේතුව වන්නේ සුරේෂ් නමැති තරුණයා සිය හිතවතුන් සමග දිය නෑමට කම්මල්මෝයට ගොස් සිටිය අතර තුරදී  ඒ ප්‍රෙද්ශයේම පුද්ගලයන් පිරිසක් සමග ගැටුමකට මැදිවීමයි.  එම ස්ථානයට පැමිණෙමින් සිටි  සිය මිතුරෙකු ගේ යතුරු පැදිය ත්‍රීවිල් එකක හැප්පුණ බවට ලද ආරංචියක් නිසා සුරේෂ් මිතුරන් පිරිසෙන් වෙන්වී මිත්‍රයාට උදව් කිරීමට ගොස් තිබේ. එම සිදුවීමද සිදුවී ඇත්තේ කම්මල්මෝය ප්‍රෙද්ශයේදීමය. එහිදී  එම පිරිස සමග යම් ගැටුමක් ඇතිවී පසුව ඔවුන්ගෙන් මිදී ගගට පැන පීනා ගෙන එන අතරතුරේදී වැලි කැපූ වලකට ඔහුව එරී ඇති බව ට මේ වන විට දැනගන්නට ලැබී ඇති තොරතුරයි. මොහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂන වාර්තාව මේ වනතෙක් ලැබී නොමැති අතර, අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිත බව වාර්තාවේ. සුරේෂ් චානක ප්‍රනාන්දු මොබිටෙල් ආයතනයේ සේවය කරමින් සිට ඇත.