කම්හල් හිමියෝයි රජයයි මඟහරියි ! NGO ටික නැත්නම් කලාපේ කම්රුවෝ බඩගින්නේ ?

0
113

FB_IMG_1606018307365( 10.00 am ) මේ වෙලාවේ අන්තිම අසරණ තත්වයකට පත්වුන ප්‍රජාවක් බවට පත්ව ඇත්තේ නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ය.කොරෝනා වෛරසයෙන් බේරි පරිස්සමෙන් ජිවත්විමටවත් ඔවුන්ට ඉඩක් නැත.ඒ නේවාසිකාගාර තුල ඇති අවම පහසුකම් තත්වය යටතේය.එහෙත් රටට ⁣ඩොලර් බිලියන ගණනින් උපයා දෙන්නට කඹුරන මේ කම්කරුවන් ගැන අවධානය යොමු කිරිම රජය මෙන්ම කම්හල් හිමියෝද අතහැර දමා ඇති සෙයකි.නිදහස් වෙළඳ කලාපය කෙන්ද්‍රකොට ගෙන ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන කිපය නොවන්නට ඇත්තටම කටුනායක හා අවට නේවාසිකාගාරතුලට හිරවි සිටින කම්කරුවන්ට සිදුවන්නේ බඩගින්නේ මැරෙන්නටය.

නිදහස් වෙළඳ කලාප කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින ප්‍රබල සමාජ ක්‍රියාකාරිණියක වන චමිලා පසුගිය දිනක තබා තිබුන මෙම සටහනේ දැක්වෙන යථාර්ථයට අනුවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට සහ පොලිසියේ නිළධාරින්ට පවා සහය පැතිමට සිදුව ඇත්තේ සේවක අයිතිවාසිකම් වෙනුවෙනු පෙනි සිටින කණ්ඩායම් වලිනි.

“මෙම නේවාසිකාගාරයේ සේවකයන් 55 දෙනෙක් සිටි බවත් මේ වෙනකොට 19 දෙනෙක් positive වී ඇති බවත්, දැනට 36 දෙනෙක් නේවාසිකාගාරයේ නිරෝදායනය වන බවත් පොලීසිය සහ PHI අද උදෑසන අප සමග ප්‍රකාශ කළා. ඒ වගේම පොලිසිය මේ මස මුලදී ඔවුන්ට ආහාර ද්‍රව්‍ය සැපයු බව ප්‍රකාශ කළා . එමෙන්ම සේවකයනුත්, පොලීසියත් PHI මහතා ත් මෙම සේවකයන්ට යම්කිසි උදව්වක් කළ හැකිදැයි අපෙන් විමසා සිටියා . ඒ අනුව ඉරිදා දින වන විට අප මෙම සියලුම සේවකයන්ට අවශ්‍ය බඩු මල්ලක් ලබා දීමට කටයුතු කරන්න ට අපි එකග උනා.ඒ අනුව ඉරිදා දින වන විට එම සේවකයන්ට එම උදව්ව සිදු කරන්නම්.”