ඔබ මෙම ව්‍යාපාරික කටයුතු සඳහා යොමුවීම ගැන යමක් කිව හැකිද?
අපේ තාත්ත මුළින්ම ධීවර අංශයෙන් තමයි සුළුවෙන් මේ ව්‍යාපාරික කටයුතු පටන් ගත්තෙ. අපි පාසැල් යන කාලෙ ඉඳලම තාත්තගෙ වැඩ වලට උදව්වුනා. අපි අද මේ ව්‍යාපාරික කටයුතු වලත්, සමාජ කටයුතු වලත් ඉඳගෙන යමක් කරනවනම් ඒ තාත්තගෙන් ලැබුනු ආදර්ශයෙන් තමයි ඒ සියල්ලට අදාල ශක්තිය ලැබුවෙ. අපේ තාත්ත සමාජෙත් එක්ක නිවැරදි ගමනක් ගියා. මම අදහන පළමු දෙවියා ඔහුයි.
ඔබේ ව්‍යාපාරය කොහොමද හඳුන්වන්නෙ?
මගෙ ව්‍යාපාරය C V P group කියල තමයි හඳුන්වන්නෙ. තාත්තගෙ නම තමයි අපේ ගෙදර සියළු දෙනාම තමන්ගෙ ව්‍යාපාර කටයුතු සඳහා යොදා ගත්තෙ. මගෙ ලොකු අක්ක කරන්නෙ මල් සැකසුම් අංශයේ ව්‍යාපාරයක් ( විවිධ උත්සව කටයුතු සඳහා සහ පල්ලි සැරසිලි ආදී) පොඩිඅක්ක කරන්නෙ රූපලාවන්‍ය කටයුතු, නංගි මනාලියන්ගේ ඇඳුම් සම්බන්ධ ව්‍යාපාරයක්. අපි හැමෝම C V P Group කියල යොදාගත්තෙ ඒකයි.
කොහොමද මේ කටයුතු වලදි ඔබේ අත්දැකීම ?
මගෙ වැඩවල යෙදිල දැනට සේවය කරනව හත් දෙනෙක් විතර. මේ රස්සාවෙදි ගොඩක් කපටි වැඩ සිදුවෙනවා. මාළු හැමෝම අඳුරන්නෙ නෑනෙ. සමහරු තවර කියන මාළුව කපල විකුණනව තෝර කියල, කොප්පරාව කපල විකුණනව තලපත් කියල. යක් සාලය විකුණනව හුරුල්ල කියල. මම මගෙ ගෙදර සියළුම මාළු පිළිබඳව නම් ලියල අදාල මාළුවව හැඳින්වීමේ ක්‍රමයක් අනුලමනය කරනව. අපි මිනිස්සුන්ට හොඳම මාළු දියයුතුයි. නමුත් හොඳම මාළු සහ අංක එකේ මාළු කියන්නෙ මාදැල් මාළුයි. ඊලඟට බිලීබාල අල්ලන මාළු. දැල් වලින් අල්ලන මාළුවා එන්නෙ අන්තිමටයි. මොකද ඒ මාළුවා අල්ලන කොට දැඩි පීඩනයකට ලක් වෙනව, කටින් වමනෙ දානවා. ඒ අනුව තමයි මාළුවගෙ ගුනාත්මක බව තීරණය වෙන්නෙ.
ධීවර කේෂ්ත්‍රය පිළිබඳව සංගීත්ට ඇත්තේ ඉහළ දැනුමකි. එමෙන්ම දේශපාලන කටයුතු වලදීද දැනුම සහ අවබෝධය පමණක් නොව යහපත් මානව ගුනාංග නිසාම ඕනෑම තැනක තම පෞරුෂය රැක ගනිමින් කටයුතු කිරීමේ හැකියාවක් ඔහු සතුව ඇත. එබැවින් යහපත් ලෙස තම කටයුතු ඉටුකර ගනිමින් ඉදිරියට යාමට අපි ඔහුට ශක්තිය සහ ධෛර්්‍ය පතමු.
සංගීත් – 0718351812
සටහන – සැම්සන් ඥානසිරි
gnanasirisamson@gmail.com