කරවල නිෂ්පාදකයන් නිසා මීගමුව කලපුවේ ලවණතාවය වැඩිවිමේ අවදානමක් ?

0
209

(4(12.05 am ) මේවන විට මීගමුව කලපුව විවිධ මිනිස් ක්‍රියාහේතු කොට ගෙන බරපතල තර්ජනයකට ලක්ව තිබේ.
කරවල නිෂ්පාදනය එදා සිටම කලපුවට තර්ජනයක් ව පැවැතියේ ඔවුන් විසින් ඉවත ලන දැ සියල්ල කලපුව තුලටම මුදාහැරිම නිසාවෙනි.
දැන් තත්වය තවත් බරපතල වෙමින් එන්නේ ඔවුන් දිනපතා කලපුව තුලට මුදාහරින ලුණු ප්‍රමාණය නිසා කලපුවේ ලුණු සාන්ද්‍රනය වැඩවි එය මත්‍යස්‍ය බෝවිම ඇතුළු තවත් කරුණු ගණනාවක් සදහා අහිතකර ලෙසින් බලපාන්න පටන් ගෙන තිබිම හේතුවෙනි..
වාර්තා වන අන්දමට එක් කරවල නිෂ්පාදකයෙකු විසින් සතියකට යොදා ගනු ලබන ලුණු ප්‍රමාණය ලුණු මිටි 50 ක් ඉක්මවා ඇත. එනම් කිලෝ 50 බැගින් වු ලුණු මිටි 50 ක  ලුණු කිලෝ 2500 ක් වේ .කරවල නිෂ්පාදකයන් 30 ක් පමණ කලපුව අවට මේ කර්මාන්තය තුල නියැලෙති.එනම් සතියකට කලපුවට මුදාහැරෙන ලුුණු කිලෝ ප්‍රමාණය 75000කි.
මේ නිසා මුහුදු වතුරේ ලුණු සාන්ද්‍රනයට වඩා කලපුවේ ලුණු සාන්ද්‍රනය දැන් වැඩිවෙමින් ඇතැයි ධීවරයෝ  කියති.
ඡායා-නිලාන් ධනංජය