කරවල රසයි නමුත් මුහුදට මාළු කටු , බොකු දාන එක කැතයි..

0
585

negombo-fish-market-lellama-fish-market-women-gutting-fish-negombo-DG4A08මීගමුව   සංචාරකයින්  නිතර  ගැවසෙන,  සිත්  ඇදගන්නා සුළු    මුහුදක් සහවෙරළ  තීරයක්  සහිත  නගරයකි.  නමුත්  අදවනවිට  මෙම  සුන්දරත්වය
විනාශවන  අන්දමේ  ක්‍රියාකාරකම්   සිදුවන  බව  නිතර  අසන්නට  දකින්නට ලැබේ.  මේ  වනවිට  ආරංචිවන  එක් සිදුවීමක්  වන්නේ  විවිධ  අපද්‍රව්‍ය
මාළුන්ගේකටු,  බොකු  සහඅනිකුත්  දේවල්  විශාල  වශයෙන්   මුහුදට  ගෙනගොස් දමන  බවයි.  එමගින්  විශාල  හානියක්  මුහුදු  පැලෑටි ,  ජලජ  ජීවීන්ට සිදුවන   බවට  තොරතුරු   ලැබේ.මේ  පිළිබදව  පවතින  තත්වය  විමසා  බැලීම සදහා  අප  මිගමුව  ධීවර  කාර්්‍යාලයේ  සහකාර  අධ්‍යක්ෂක  බණ්ඩාර  මහතා දුරකතනයෙන්  සම්බන්ධ  කරගතිමු.

මේ සම්බන්ධව   අදහස්  දක්වමින්  බණ්ඩාර  මහතා  ප්‍රකාශකළේ   මෙය ප්‍රශ්ණයක්  ලෙස  පවතින  බවයි.  එසේම  ඊට  විසදුමක්  ලෙස  විශාල
පොල්වතුවලට  මේවා  පොහොරක්  ලෙස  යොගැනීමේ  හැකියාවක්  ඇති  බැවින් ,එවැනි  ස්ථාන  වලට  මෙම  අපද්‍රව්‍ය  බැහැර  කිරීමේ  වැඩපිළිවෙලක්  ගැන සාකච්ඡා  කරමින්  පවතින  බවය. කෙසේ  නමුත්  මේ  පිළිබදව  විමසිල්ලෙන් සිටින  පිරිස්  පවසන්නේ  කාලාන්තරයක්  තිස්සේ  මෙම  ක්‍රියාවලිය  සිදුවන බැවින්  ,  ඉතා  ඉක්මනින්  පියවරක්  නොගතහොත්  සිදුවන  විනාශය  අධික  වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here