කර්මාන්ත කාරක සභාවේ බලයත් සරත් පිළට.??????

0
45

මීගමුව මහ නගර සභාවේ කර්මාන්ත කාරක සභාවේ කටයුතු මෙවර මුල සිටම කරගෙන යනු ලැබුවේ ලංසා පිළ නියෝජනය කළ එජාපයෙන් ආණ්ඩුවට එක්වු කලෙක නිමල් ලංසා ඇමතිවරයාගේ ප්‍රධාන හතුරෙක් වු සුනිල් සිල්වා මන්ත්‍රිවරයාය.

ඔහු සමග තරග කිරිමට මෙවර ආණ්ඩු පක්ෂයෙන් නිල් ඩන්සටන් හෙවත් ඩන්ටි තිරණය කර තිබුණි. ඔහු මුල සිටම සරත්වාදියෙක්ව සිටියද පසුව ලංසා පිළට බරවිය.

එහෙත් ලංසාගේ නියෝජිතයා අභියෝගයට ලක් කරමින් මෙවර ඔහු සභාපති කමට අද දිනයේ තරඟ කර ජයගත්තේය.මෙය සරත් පිළේ සැලැස්මක් බව ලංසා පිළේ මතයයි.මේ අනුව මීගමුව සහ නගර සභාවේ කාරක සභා දෙකක බලය සරත් පිළටද එකක් එජායටද හිමිය. ලංසා පිළට ඇත්තේ මුදල් කාරක සභාව සහ සෞඛ්‍ය කාරක සභාවේ පමණි.