කලපුවේ වැලි හෑරිල්ල දේශපාලකයන්ට ඉල්ලමක් ?

0
161

වැලි 2වැලි 11මේ ඔබ දකින්නේ, කියන්නට නොහැකි තරම් මිනිසුන් පරම්පරා ගනනාවකගේ බඩවියත රැකදුන් හා කතෝලික සභාවේ අද තියන තත්වයට දියුණු කිරීමට මූල්‍යම පැත්තෙන් සීයට සීයක් උරදුන්, කලපු අම්මාව, ව්‍යාපාරිකයන් විසින් දූශනය කල පසු, දේශපාලකයන්ගේ උකුසු ඇසට හසුවීමෙන්, කලපු සංවර්දනය යයි පවසමින්, පොදු ජනතාවත්, ප්‍රදේශයේ ධීවර ජනතාවත් රවටා, ජනතා මුදල් ලකෂ දහදාහක් මහ භාණ්ඩාගාරයෙන් වෙන්කර ගනිමින්, කලපු අම්මාව වැලි ජාවාරන් කරුවන්ට වෙන්දේසි කිරීමෙන් පසු, වැලි ජාවාරන් කරුවන් විසින් හිතුමතේ හාරා වැලි රැගෙන යන අයුරු මා විසින් පාරේ යන එන විට ලබා ගත් චායාරූපයි. (මෙම ව්‍යාපෘතිය මගින් දැනට රැගෙනගොස් ඇති මුලු වැලි ප්‍රමානය ටිපර් පහලොස් දාහක් පමණ වේ.)වැලි 9වැලි 7

මිනිසුන් හට ජීවත් වීමට දෙවියන් විසින් මැවුවායයි කියනු ලබන, වචනයෙන් කියාගන්නට නොහැකි තරම් ආහාරමය හා ආර්ථික වටිනාකම් වලින් යුත් මෙම කලපු අම්මාව, ව්‍යාපාරිකයන් විසින් දූශනය කිරීමෙන් පසු දේශපාලකයන්ගේ වෙන්දේසියෙන් මිලදීගෙන, වැලි ජාවාරන් කරුවන් විසින් මස්කර සිල්ලරට විකණනු ලබද්දී, දෙවියන් වෙනුවෙන් දියුරුන් දී, යුක්තිය සාදාරණත්වය වෙනුවෙන් නිර්භීතව පෙනී සිටිමින්, ජේසුව නියෝජනය කරමින්, හරි මග පෙන්වමින්, ජනතාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්නට ආ, පල්ලිවල අල්තාරය මත පමනක් හිද, දින පතා බණ පමනක් කියන A/C ජේසුලාගේ බණටද ඇහුන්කන් දී,

ඒ බන අහන්න යන සාමාන්‍ය ජනතාව දෙස බලමින් කදුළු සලමින් අවසන් ගමන් යන කලපු අම්මා මම නම්, මා ඔබගෙන් මෙසේ අසමි.වැලි 4

“දරුවනි මම අද
දුක්වන්නේ මා ගැන නොවේ, මා මැරුණු පසු නුඹලාට වන විපතක මහත මට දැනේ. ඒ වෙනුවෙන් මා අද දුක් වන්නෙමි. ඇත්තටම නුඹලාට ඇස් පෙනෙන්නේ නැද්ද? භය හිතෙන්නේ නැද්ද?”
අරුණ රොෂාන්