කලපුව විනාශයි !කලපු ධීවරයා අනාථයි !

0
89

.IMG-20200128-WA0024IMG-20200128-WA0021

මීගමුව කලපුව සුන්දර වුවද එහි අසුන්දර පැත්ත පිළිබඳව කතාකරන්නට වගකිවයුත්තන්ගේ සූදානමක් නැත . ධීවර ජනතාව තමන්ගේ ප්‍රශ්ණ ගැන නිතර තමන් සිටින තැන්වල සිට මතුකරන නමුත් ඒවා බලධාරීන්ට හෝ නිලධාරීන්ට නොඇසේ. ඔවුන්
කලපුවට මුදා හරින රසායනික අපද්‍රව්‍ය පිළිබඳව කතාකරයි,කරවල හෝදමින් කලපුවට මුදාහරින ලුනු ගැන කතාකරයි, කලපුව වටා නිතර මුදාහරින කුනුකසල ගැන සඳහන් කරයි , විවිධ හෝටල් සහ කර්මාන්ත වලින් මුදාහරින අපද්‍රව්‍ය ගැන කතා කරයි . නමුත් කිසිවක් සිදුනොවන බවද ඔවුන් දනියි.
මේවා තමන්ගේ මඩිය පමණක් තරකර ගැනීමේ න්‍යායට අනුව සිදුවන බව ධිවර ජනතාව දනී. කලපුව රැකගැනීම උදෙසා රජයේ අායතන කිහිපයක් මීගමුව නගරයේ ඇත . ඔවුන්ට රජයෙන් වැටුපක් ලබාදෙන්නේ තම රාජකාරිය නිසි පරිදි ඉටුකිරීම වෙනුවෙන්ය. නමුත් මීගමුව නගරයේ පවතින ප්‍රධාන ප්‍රශ්ණයද මෙම නිලධාරීන් සහ බලධාරීන් බව එක් ධිවර නායකයෙකු වරක් අප සමඟ පැවසීය . ඒනිසා ඔහු කරන එක් යෝජනාවක් නම් හැකි නම් සතියක් පමණ කිසි දෙයක් නොකර සිටින්නට හැකි නම් එයද මේ නගරයට වන යහපතක් බවයි .
මේ අනුව කලපුව විනාශ කිරීමේ චෝදනාව ගැන ධීවර ජනතාවගේ ඇඟිල්ල දිගු වන්නේ ඒ පිළිබඳව වගකිවයුතු බලධාරීන් සහ නිලධාරීන්ටය. ඒනිසා අප ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙකී තත්වයන් පිළිබඳව අවධියෙන් සිටින ලෙසයි.
ධීවර ජනතාව තම පීඩාකාරී අත්දැකීම අවසානයේදී පවරන්නේ දෙවියන්ටය. නමුත් විසඳුමක් තවමත් නැත. එසේම ඔවුන් බලධාරීන් සහ නිලධාරීන් ඉදිරියේ ඔවුන්ට බියෙන් කටයුතු කරයි. එසේ බියක් නැති අය සිටින නමුත් ඒ එක්තරා සීමාවක් දක්වා පමණි . සියළු බලය ඇත්තේ ඉහතකී නිලධාරීන් සහ බලධාරීන් වටාය. ධීවරයාට බලයක් තිබුනද ඒ පිළිබඳව ඔවුන්ට අවබෝධයක් නැත .එනිසා සියල්ල තීරණය වන්නේ එම බලය මතය. කලපුවේ විනාශය කෙරෙහිද මෙම බලය පිළිබඳව ඇති ප්‍රශ්ණය බලපාන ආකාරය පවතින අත්දැකීම් අනුව ඉතා පැහැදිළිය.