කලපු විනාශය දැක දැක නිහඩව සිටි සියල්ලෝ මිගමුව කලපුවේ විනාශයට වගකිව යුතුයි !

0
163

1357841295_1!!-!!Negombo Lagoon 3මීගමු කලපු අම්මා රැකගනිමු යන මැයෙන් ජුලි 24 වනදා මිගමුව ජනාවබෝධ කේන්ද්‍රයේදි සාකච්ජාවක් පැවැත්වෙන බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.
මෙම හමුව අංක 64  පරණ හලාවත පාරේ ජනාවබෝධ කේන්ද්‍රයේදි -ධීවර හා පරිසර හමුව – 2020 ජූලි 24 වනදා සවස පැවැත්විමට නියමිතය.
මේ පිළිබදව කලින් පැවැති හමුවකදි මතුව තිබුණු කරුණු කිපයක්ද මෙම හමුවට ඇරයුම් කරමින් කරන්නට යෙදි ඇති සටහනකට ඇතුලත්ය.
කෙසේ වෙතත් දැන් කලපුව විනාශ වි හමාරය. ඒ වෙනුවෙන් හඩ නොනැගු සැම ඊට වගකිය යුතුව තිබේ.
පමා වි හෝ කලපුව රැකගැනිම ගැනිම සංවාදයක් මතු කරගැනිමට මුල පිරිම වැදගත්ය. එහෙත් ඒවා සැබැවින්ම ව්‍යාපෘති උවමනාවන් අභිබවා යා යුතුව තිබේ.
ලංකාවේම ධිවරයන් වෙනුවෙන් වැඩකරන් සංවිධානවල කේන්ද්‍රස්ථාන මිගමුව මුල් කොට ගෙන පැවතියද මිගමුව කලපුව ගැන මැදිහත්වි වැඩකිරිමට ඔවුන්ටද නොහැකිවිය.
කලපුව අපේ අම්මා යැයි කියු ධිවරයන් විසින්ම කලපුවට කුණු දමා  කලපුව අල්ලා ගොඩකර එය විනාශකරන්නට දායකවි තිබේ.
එදා කලපුවෙන් ජිවිතය ගැටගසා ගත් කලපුවට සැබැවින්ම ආදරය කළ ඇතැම් කලපු ධිවරයන් අද ජිවත්විම සදහා ඉදිආප්ප තැබ්බිමට සිදුව ඇත.
සැබැවින්ම එය මොනතරම් ඛේදවාචකයක්ද ???

 

 

අ. කලපුවට වී තිබෙන හදිය ජනාවබෝධ කණ්ඩායම මෙසේ කරුණ ගොනු කර තිබේ.

1)1983 ට කලින් මත්ස්‍ය සම්පත් බහුල විය. පිටස්තර ධීවරයින් පැමිණීම සිදුවීමත් සමග නවීන හා තහනම් පන්න ක්‍රම යොදා ගත්හ. දේශපාලකයෝ උදව් කළහ. කලපුව විනාශ කිරීම එලෙස ආරම්භ විය.

2) හෙක්ටයාර 4000ක් පමණ තිබූ කලපුව ගොඩ කිරීම් නිසා විශාල වශයෙන් අඩු වී ඇත.

3) වෙළඳ කලාපය ආශ්‍රිත කැලිකසල සහ හෝටල්වල ජරාව කලපුවට මිශ්‍ර වීම සිදු වේ.

4) සංවර්ධන නාමයෙන් කලපුව හෑරීම සිදුවන අතර ඒ අවට භූමි ප්‍රදේශවල පැවැත්ම අවදානමට ලක් වී ඇත.

5) කරවල වාඩි නිසා කලපුවේ ලවණ සාන්ද්‍රණය වැඩිවී ඇත. මහමුහුදේ ලවණ සාන්ද්‍රණය 32ක් වනවිට කලපුවේ ලවණ සාන්ද්‍රණය 36 වී ඇතැයි කියැවේ. කලපුව මියැදෙමින් තිබේ.

6) පොලිතීන් හා ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් පතුලේ තැන්පත් වී ඇත. එදා කලපු පතුලේ පෙඳ අතර සිටි කොරලි ඇතුළු මත්ස්‍යයන් අද ඉතා දුලබ ය.

7) කලපුවට හොඳ වතුර අවශ්‍ය ය. එහෙත් කැලණි ගඟෙන් හා දෑලතුර ප්‍රදේශය හරහා එන වතුර දැන් අවහිර වී ඇත. ඇල මාර්ග හරස් කර ඇත.

8) මුතුරාජවෙල දැන් කුණු කඳු ගොඩ ගසමින් ඇත. ඒ ජරා වතුර කලපුවට එක් වේ.

9) මීගමුවේ කලපු දූපත්වලට වඳුරන් හා දිවියන් ගෙනත් දමා ඇත. විදේශීය හා දේශීය සංචාරකයන් ආකර්ෂණය කිරීම සඳහා සිදුවන මෙම ක්‍රියාදාමය අනතුරුදායකය. විනාශකාරි ය.

10) ජලචර ගුවන්‍ යානා කලපුවට බැස්සවීමේ සැලසුමට එරෙහි අරගලය ජය ගත්ත ද, ඉන් පසු ඉස්සන් බෝවීම ශීඝ්‍ර ලෙස අඩු වන්නට පටන් ගෙන ඇත.

11) කඩොලාන විනාශ වෙමින් තිබේ.

12) කාවට්ටි ද බහුල වී ඇත. කලපුවට බැසීම පවා අපහසු වී ඇත.

මිනිසුනට වී ඇති හදිය.

1) කලපු රස්සාව අහිමි වෙමින් පවතී.

2) ධීවරයින් අතර ගැටුම් බහුල වී ඇත.

3) ධීවරයින් අතර එකමුතුකම බිඳවැටී ඇත. දේශපාලකයන් හා කතෝලික සභාව ඊට හේතු වී ඇත.

4) කලපුවේ දූපත්වලට ළඟාවීමේ හැකියාව අහිමිවෙමින් ඇත. ඒවා සංචාරක කලාප බවට පත් කෙරෙමින් ඇත. වඳුරන් හා දිවියන් නිසා ඒවා අනතුරුදායක කලාප බවට පත්වෙමින් ඇත.

5) ව්‍යාපෘති හා ව්‍යාපාරික වුවමනාවන් සඳහා කඩොලාන ඇති තරම් විනාශ කළත්, පාරම්පරික මස් අතු රස්සාව සඳහා කඩොල් කැපීම ධීවරයින්ට තහනම් ය. එහෙත් සත්‍යය නම් කඩොලාන ඇති කළේ ද, රැක්කේද, ප්‍රයෝජන ගත්තේද ධීවරයන් ය. ඔවුන් ඉවක් බවක් නැතිව කඩොලාන විනාශ කළේ නැත. ප්‍රයෝජන ගැනීම හා විනාශ කිරීම යනු වෙනස් යථාර්ථයන් දෙකකි. කඩොල් කැපීම නිසා ධීවරයින් සිරගත කළ ද, විනාශ කරන්නන් සිරගත වන්නේ නැත.

6) ධීවරයින්ට මුදල් හා වරදාන දෙමින් ඔවුන් රැවටීමට ලක් කෙරෙමින් ඇත.

7) ධීවර නොවන රැකියාවන් සඳහා මුල්‍යමය ණය හා ආධාර සැපයීම් මගින් සූක්ෂ්ම හා සැලසුම් සහගත අයුරින් ධීවර වෘත්තියෙන් ධීවරයන් ඈත් කරමින් තිබේ.

8) කරවල වාඩි අනවසර වුවද ඒ මත යැපෙන්නෝ දැන් බොහෝ ය. එබැවින් එවා ඉවත් කිරීම පහසු කටයුත්තක් නොවනු ඇත.

9) සාම්ප්‍රදායික ධීවර කටයුතුවලට වඩා මොද්දු කොටු වැනි ව්‍යාපාර කෙරෙහි වැඩි ආකර්ෂණයක් ඇති වෙමින් තිබේ.

පාරිසරික වටිනාකම

1) කලපුව ධීවරයින්ට පමණක් නොව පරිසරයේ පැවැත්මට ද වැදගත් ය.

2) ලංකාවේ පරිසර පද්ධතිය තුළ තිබෙන කලපු අතරින් මීගමු කලපුව වැදගත් ම ස්ථානයක් හිමිකර ගනී.

3) මීගමු කලපුව ආශ්‍රිත කඩොලාන පද්ධතිය මේ ප්‍රදේශයේ වාතාශ්‍රය පිරිසිදු කිරීමට සුවිශාල මෙහෙවරක් කරන්නේ ය.

ඔබේ අදහස් ද එකතු කරන්න.

මීළඟ රැස්වීම ජූලි 25 සෙනසුරාදා සවස 3.00ට , නො.64, පරණ හලාවත පාර, මීගමුව ජනාවබෝධ කේන්ද්‍රයේදී. මේ පිළිබඳ හැඟීමක් ඇති සැමට විවෘත ආරාධනා.

(උපුටා ගැනිම ජනාවබෝධ කණ්ඩායම විසින් සමාජ මාධ්‍යවලට මුදාහල සටහනකිනි )