නමුත් කලපුවට මින් සිදුවන්නේ හානියක් බව බහුතරයකගේ මතය වුවත්, ඊට විරෝධතාවයක් මතු නොවන්නේ මෙය රජයේ සංවර්ධන ව්‍යාපෘතියක් වන බැවිනි. කුඩා ගඟේ සමහර තැන් ගැඹුරු කරන අතර කඩොලාන ශාඛද කපා දමා ඇත .
අප මෙම කාරණය ගැන කලපුව ආසන්නයේ ජීවත්වන ධීවර නායකු වන ජෝන් සිරිල් මහතා ගෙන් විමසා සිටි අතර ඔහු ප්‍රකාශකළේ මෙවැනි අදහසකි .
“කඩොලාන තිබෙන වතුර අඩු , හෙවනද ඇති තැන්වල තමයි ඉස්සන් වැනි සතුන් බෝවෙන්නෙ. එම සතුන් ගෙ බිත්තර දාන්නෙ එවැනි තැන්වලයි. හෑරීම නිසා මෙම පරිසරය නැති වෙනවා.
ඒවගේම හෑරීම නිසා දිය පාරවල් සැරට ගලන්නෙ නෑ. වලවල් හෑරිල තියෙන නිසා දිය පාරවල් හෙමින් තමයි ගලන්නෙ. ඒනිසා ඒකත් මතස්‍ය බෝවීමට බලපානවා.
මේ ගැන අදහස් දැක්වූ කලපුව අසල ජීවත්වන සමාජ ක්‍රියාකාරිකයෙකු වන පෝල් මහතා පළකළේ මෙවැනි අදහසකි . කලපුව හෑරීම ගැන අප නැගූ ප්‍රශ්ණයට ඔහු දුන් කෙටි පිළිතුර මෙසේය.
” කෙටි පිළිතුරක් ලෙස කිව්වොත් මේක වැරදි සහ විනාශකාරී දෙයක්. ඒ වගේම රජයද සම්බන්ධ කර ගනිමින් කරන බිස්නස් එකක් මේක ධීවර ජනතාව ට තර්ජනයක්. මේ ගැන විස්තර කළොත් අවට සිටින සමහර කලපු ධීවරයො පාන්දර 4.00ට ගිහිල්ල පනුවො කොටල කලපුවට ඇවිල්ල බිලී බාල ඒකෙන් මාළු ටිකක් විකුණල ජීවිතේ ගැටගහ
ගන්නව. එහෙම පිරිසක් අපේ මේ හතර වටේ හිටිය. බෝට්ටු යන්න ඇල මාර්ග හාරනව නම් ඒක ධීවරයින්ට උදව්වක් . නමුත් දැන් සිදුවෙන්නෙ වෙන දෙයක් . ඉස්සර මේ පෙඳ , පාසි අතරෙ කොස්සො , කහ කොරලි වගේ මාළු හිටිය. දැන් නෑ. ඒනිසා මේක බරපතල ප්‍රශ්ණයක් . ”
ධීවර ජනතාවට මෙම කලපුවේ සිදුවන විනාශය පැහැදිළිව පෙනෙන නමුත් , රජයේ ආයතන වලට හෝ අදාල නිලධාරීන්ට මේ කිසිවක් ගැන කිසිදු හැඟීමක් නැත. එබැවින් සියළු ධීවර ජනතාව මෙම තත්වය අවබෝධ කර ගනිමින් කටයුතු කළ යුතුය .