කලබල කිරිම් වලට මුල බීමත්කම ! මීගමු නගර සභා සේවකයන් පිරිසක් ඊයේත් අත්අඩංගුවට?

0
116

attackමීගමුවේ සිදුව අවසනාවන්ත තත්වයන් වලට ප්‍රධාන හේතුව බිමත්කම යැයි කාර්දිනල් හිමියන් මෙන්ම උසස් පොලිස් නිළධාරින්ද පැහැදිලි ලෙස ප්‍රකාශ කොට තිබුණි.
මිගමු සිදුවිම වු දිනෙයේම මිගමුවට පැමිණ සිටි එක් උසස් පොලිස් නිළධාරියෙකු කියා සිටියේ කිතුණුකමවත් මුස්ලිකම්වත් නොව ගැටුමට මුල බීමත්කම බවය.
ඊයේ රාත්‍රියේ කොචිච්කඩේ ප්‍රදේශයේදි අධික ලෙසින් බිමත්ව සිටි මීගමුව මහනගර සභාවේ සේවකයන් පිරිසක් මුස්ලිම් ජාතිකයන් පිරිසකගෙන් හැදුනුම්පත් පරික්ෂා කිරිමට ඉල්ලා පසුව ඒ අයට පහරදි  ඇතැයි වාර්ථා වේ.
මේ සේවයකයන් තමන් අහවලා ගේ යැයි කියමින් මිගමුවේ දේශපාලකයෙකුගේ නම කියා ඇති බවද සැලය.මේ සියළු දෙනාම මේ වන විට කොච්චිකඩේ පොලිස්  අත්අඩංගුවට පත්ව සිටිති.මිගමුව තුල ඇතිවු අවසනාවත්ත කලබලකාරි තත්වය පිටුපස බිමත්කමට අමතරව කිසියම් දේශපාලන බලවේගයක්ද සිටියේදැයි යන ගැටළුව මිගමුවේ බුද්ධිමත් ජනයා අතර මේ වන විට කතාබහට ලක්වෙමින් තිබේ.මිගමුවේ විව්ධ ප්‍රදේශවල සිදුව ඇති පහරදිම් වලදි මේ ඇතැම් දේශපාලන කණ්ඩායම් වලට සම්බන්ධ අයගේ නම් කියවෙන්නට ප⁣ටන් ගෙන තිබේ.