කල්පිටියේ දූපත් 18ක් සංචාරක කර්මාන්තය නිසා ධීවරයින්ට අහිමි වෙලා

0
96

ඉහත ප්‍රකාශය  පරිසරවේදී සජීව චාමිකර විසින් ප්‍රකාශ කරන ලද්දේ අද පැවති ජගත ධීවර දිනය සමරමින් මීගමුව රුක්මනීදේවී රංග ශාලාවේදීය. මෙම ධීවර දිනය සැමරීමට  ජාතික ධීවර සහයෝගිතා ව්‍යපාරයේ දිස්ත්‍රික් නායක නායිකාවන්, සාමාජිකයන් රැසක්  මෙම අවස්ථාවට සහභාගී වූ අතර ධීවර නායකයන් විසින් සභාව අමතා  වර්තමාන රජය යටතේ සිදුවන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් අද ධීවර, ගොවි ජනතාව ට හිමිව තිබූ සාම්ප්‍රදායික ගොවි,ධීවර බිම් අහිමි වෙමින් තිබෙන බවත්  විනාශකාරී සවර්ධන ප්‍රතපත්ති හේතුවෙන් ලංකාව තුළ ඇති රක්ෂීත හා තෙත් බිම් සීඝ්‍රෙයන්  අහිමි වෙමින් යන බව එහිදී අවධාරණය කළහ.
P1220154
P1200677

මෙහිදී පරිසරවේදී  සජීව චාමිකර මහතා විසින් සිදුකළ දේශනයේදී  ලංකාවේ  සිදුවන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් අවධානයට ලක්වී ඇති  කලාප හා ක්ෂේත්‍ර පිළිබද පුලුල්
අනාවරණයක් සිදුකරන ලදී.
මෙම ජගත් ධීවර දිනය ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපරය විසින් සංවිධානය කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here