‘කැල්මට්’ පදනම හා මීගමුව හොරයිසන් සිංහ සමාජය එක්ව “මතු පරම්පරාවට බලාපොරොත්තුවක්” තේමාව යටතේ දුප්පත්කමින් ළමුන් මුදවා ගැනීම පිණිස ගනීමට හැකියාව හා උනන්දුව ඇති ළමුන් සඳහා අතහිත දීමේ සමාජ සත්කාරයක් පසුගිය 29 දින මීගමුව බෝලවලාන ළමා නිවාසයේදි පවත්වන ලදී
මේ සඳහා මීගමුව අවට පාසල් වල ඉගනීමට උනන්දුව ඇති ළමුන් 150 ක් සඳහා පොත් පත් හා සපත්තු බෙදා දුනි.
කැල්මට් පදනම විසින් 2011 වසරේ සිට වාර්ෂිකව මෙම සමාජ සත්කාරය සඳහා දායක වන අතර ඔවුන් දකුණු ආසියාව පුරා දුප්පත් ළමුන් වෙනුවෙන් අත දීමට බැඳී සිටි. විශේෂයෙන්ම සපත්තු දෙකක් ගැනීමට නොහැකි දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු බෙදාදීම ඔවුන්ගේ මෙහෙවරකි.