කලාපයේ ගැටුම් වීඩියෝ කළ මාධ්‍යවේදීන් තිදෙනෙක් අද අධිකරණයට

0
88

2011 වර්ෂයේදී විශ්‍රාම වැටුප් පනත සම්බන්ධව කටුනායක නිදහස් වෙළද කලාපයේ කම්කරුවන් විසින් දැක්වූ විරෝධතාවයේදී ඇතිවූ ගැටුමේදී පොලීසිය විසින් කම්කරුවන්ට වෙඩි තබන ලදී. මෙම වෙඩි තැබීම් වලින්  එක් තරුණයෙකු මියගිය අතර තවත් කම්කරුවන්ට බරපතල ලෙස තුවාල සිදුවිය. පැවති රජයේ පාලන සමය තුළ සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ දිගහැරෙමින් තිබෙන නඩු විභාගයේ සාක්ෂි ලබාගැනීම අදත් මහාඅධිකරණ විනිසුරු අමල් රවීන්ද්‍ර රණවිරාජ මහතා ඉදිරියේදී (21)  සිදුවිය.
මෙහිදී සාක්ෂි දීම  වෙනුවෙන් එම සිදුවීම් වාර්තා කළ සිරස මාධ්‍ය ආයතනයේ සේවය කරන මාධ්‍යවේදීන් තිදෙනෙකු අද මහා අධිකරණයට කැදවන ලදී. සිරස ආයතනය නියෝජනය කරමින්  2011 මැයි මස 29 වනදා කටුනායක නිදහස් වෙළඳ කලාපයේදී සිදුවූ  ගැටුම් වාර්තාකළ මාධ්‍යවේදී ප්‍රසන්න අබේරත්න, මාධ්‍යෙව්දී රංජිත් පර්ඩිනැන්ඩස් ,මාධ්‍යවේදී  චම්පික විජේසිංහ තිදෙනා අද ඔවුන් විසින් වීඩියෝගත කරන ලද වීඩියෝ පට හදුනාගැනීමක් සිදුකළ අතර ඊට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙන ලදී.Roshen-Chanaka-2011-May-30-5