කලාපයේ තරුණයෙකු දුම්රියට බිලිවෙයි..

0
416

ඊයේ සැප් 17 වනදා  පෙව. 7 ට පමණ  කටුනායක දුම්රිය නැවතුම්පොළ ආසන්නයේදී තරුණයෙකු  ධාවනය වෙමින් තිබූ  දුම්රියේ ගැටී මියගොස් ඇති බව වාර්තා වේ.  18 වැනි වියේ පසුවූ මෙම තරුණයා  රේල්පාර හරහා ගමන් කර ඇත්තේ  ුප්‍රධාන මාර්ගයේ රේල්  ගේට්ටුව වසා තිබියදීය. රේල් ගේට්ටුවට මදක් අෑතින්  දුම්රිය මාර්ගයේ දෙපස  පළල් කර ඇති නිසා මදක් නුදුරින් වූ විවෘත ස්ථානයකින්  මෙම තරුණයා   දුම්රිය  මාර්ගය හරහා ගමන් කර ඇත.  ඒ වන විට ඔහුගේ ජංගම දුරකථනයෙන්  ඇමතුමක නිරත වී සිටි බවද දුටු අය පවසති. මෙම තරුණයා කලුතර   ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර  කටුනායක නිදහස් වෙළඳ කලාපයට  සේවය සදහා පැමිණ ඇත්තේ ඉතාම මෑතක බවද වාර්තාවේ.
images