මෙම සංචාරය දින දෙකකදී පිටත්වූ අතර මෙම ගැටළුව නිසා මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම මුලින් පිටත් වි ඇත. අවසානයේ පැවති ආරවුල කෙසේ හෝ විසදාගෙන අනෙක් 4 දෙනා පිටත්වී ඇත. අවසානයේ ගමනට යායුතුම පුද්ගලයාව හලා කුණු ප්රතිචක්රීකණයට කිසිදු සම්බන්ධයක් නොමැති ටී.ඔ බන්ඩාර සහ ගනකාධිවරයාද මැලේසියානු සංචාරයේ නිරත වී සිටී. මෙම සංචාරය සදහා සතියකට එක් පුද්ගලයෙකුගේ ගුවන් ටිකට් පතක වියදම 1 30000ක් වන අතර එක් දිනකට යැපීම් දීමනා ලෙස එක් පුද්ගලයෙකුට ඩොලර් 80 බැගින් ඩොලර් 180 ක් ගෙවනු ලබයි.
පසුගිය කාලයේ මීගමුවේ කුණු කසල නිසි ලෙස කළමණාකරණය කිරීම ගැන කිසිම වචනයක් හෝ යෝජනාවක් නගර සභාවේදී මේ එකදු මන්ත්‍රීවරයෙකු මතුකර නොතිබීම මෙම ගමනේ ඇති ඊළග හාස්‍යයයි. අනෙක් වැදගත් කාරණය වන්නේ මෙම ගමන නිසා නාස්ති වන මහජන බදු මුදල් හේතුවෙන් මෙම ගමනට සම්බන්ධ නොවී ඇති මන්ත්‍රීවරුන් දෙපළක් ද සිටිමයි. ඔවුන් එජාප නාගරික මන්ත්‍රී ගිහාන් ප්‍රනාන්දු සහ නා.මන්ත්‍රී වෛද්‍ය හෙන්රි රොසයිරෝ මහතායි.